පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
සංස්කෘත අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
- පවුලේ සියලුදෙනා එක්ව ආහාර ගන්න.
- කන ගමන් අප්‍රසන්න දේවල් කතා කරන්නේ නෑ.
- කන ගමන් කේලාම් කියන්නේ නෑ.
- ගෙදර අය තැන් තැන්වල ඉඳන් කනවට වඩා කෑම මේසයට වෙලා කන එකයි හොඳ.
- කෑම කන තැන දුගඳ හමන දේවල් තියන්න හොඳ නෑ.
- කෑම මේසය ළඟ විෂ සහිත දේවල් තියන්න හොඳ නෑ.
- බේත් හේත් වුණත් තියාගන්න ඕන ළමයින්ට ගන්න බැරි තැනක.
- ආහාර හපද්දී කට වහගෙනයි හපන්නේ.
- කට ඇරගෙන හපද්දී හරිම අප්‍රසන්නයි.
- කන ශබ්දය පිටට ඇහෙන්න හොඳ නෑ.
- වතුර බොන ශබ්දයත් පිටට ඇහෙන්න හොඳ නෑ.
- කෑම කන්න කලින්ම වතුර වීදුරුවක් තියාගන්න ඕන.
- වතුර වීදුරුව තියාගන්න ඕනේ වම් අත පැත්තෙන්.
- කෑම කන්න පටන් ගත්තට පස්සේ දකුණු අතින් වතුර වීදුරුවවත් හැන්දවත් පිඟානවත් අල්ලන්නේ නෑ.
- බෙදාගන්න ඕන කන්න පුළුවන් තරමට විතරයි.
- බෙදාගත්තු ඔක්කොම කන්න. විසි කරන්න එපා.
කෑම විසි කරන එක මහම අපරාධයක්.
- කෑම කනකොට තමුන්ගෙ පිඟාන දිහා විතරයි බලන්නේ.
- බත් ඇටවත් රම්පෙ කරපිංචාවත් කන වෙලාවට බිමට දාන්නේ නෑ.
- අඩු ගාණෙ කෑම කන තැන පූසන්ට බල්ලන්ට කෑම දෙන්නෙවත් නෑ.
- කාල ඉවර වුණාම තමුන්ම පිඟාන හෝදන්න ඕන.
- පිඟන් කෝප්ප හෝදන්නෙ කන කෙනාමයි. ඒවා අම්මට ඉතුරු කරන්නේ නෑ.
- ඉඳුල් භාජන හෝදලා වතුර බිමට හැළුවොත් ඒ තැන්වලට මැස්සො, කූඹි එන්න පුළුවන්.
- කෝප්ප පිඟන් හෝදල අනිවාර්යයෙන්ම තියන්න ඕන ඒවා තියන තැන්වල විතරමයි.
- සාමාන්‍යයෙන් කෑම භාජන හෝදලවත් උඩ පැත්තට හරවලා තියන්නෑ. හූනො, කැරපොත්තො එන්න පුළුවන් නිසා.
- එක්කො යටි පැත්තට එහෙම නැත්නම් ඇලේට තමයි ඒවා තියන්නෙ, වතුර බේරිලා වේලෙන විදියට.
- ඉඳුල් වතුර දාන්නම තැනක් තියාගන්න ඕන.
- කරපිංචා හරි රම්පෙ ගහක් වගේ තියනව නම් ඒ වැඩේට හොඳම තැන එතැනයි.
- එළවළු, පලතුරු කපල ඉතුරු වෙච්ච ඒවා දාන්න පුංචි වළක් කුස්සිය ගාව තිබුණොත් කොච්චර හොඳ ද.
ඒක පිරුණම ඒක වහල එතැන තවත් ගහක් පැළ කරන්න පුළුවන්නෙ.
- කන වේලාවට තොප්පි දාගන්නනේ නෑ. තොප්පි දාගෙන කන එක හොඳ නෑ.
- කෑම මේසය ළඟ කිවිසුම් අරින එක නම් හරිම අප්‍රසන්නයිනෙ.
- කොණ්ඩ කඩා දාගෙන කෑම කද්දි කෙස් ගස් ආහාරවලට වැටෙන්න පුළුවන්.
- කකා ටෙලිෆෝන් කරන එකත් හොඳ මදි.
- පවුලෙ කට්ටිය එකතුවෙලා සතුටින් කතාබස් කරන්න තියෙන හොඳම වෙලාව තමා කෑම කන වේලාව.
- පාසල ගැන, ගම රට ගැන වගේ තොරතුරු කතා කරන්න ඒක හොඳ වෙලාවක්. ඒත් හිත් පිත් රිදෙන දේවල්වත් අවවාද අනුශාසනාවත් සාමාන්‍යයෙන් කෑම මේසයේදී කරන්නෑ.
- කන ගමන් වතුර බොන්නෙ නෑ. වතුර බොන්නෙ කාල ඉවර වෙලා.
- කාල ඉවර වෙලා වතුර වීදුරු එකක්වත් අඩුම වශයෙන් බොන්න ඕන.
- බත් කාල වෙන වෙන දේවල් බොනවට වඩා හොඳම දේ වතුර බොන එකයි.
cmadurawala

