ප්‍රථම භූමිය

cmadurawala
7 Min Read

අතිපූජ්‍ය දලයි ලාමා හිමිපාණන්ගේ Essence of the Heart Sutra කෘතිය ඇසුරිනි.

අනුවාදය: අනුරාධ මහසිංහ

හෘද සූත්‍රය ආරම්භයේ, අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් මහා ප්‍රඥා පාරමිතාවට සමවදින බැව් කියැවේ. මෙයින් අදහස් වන්නේ බෝසතුන් ‘පරම බෝධිචිත්තය’ නමින් හැඳින්වෙන ආධ්‍යාත්මික අත්දැකීම ලබන බවය.ි එනම්, හුදු ශුන්‍යතා සමාපතත් යි වෙනුවට, බෝධිචිත්තය හා බැඳුණු ශුන්‍යතා සමාපත්තියකට සමවදින බවයි. සියලු‍ සත්ත්වයන් සංසාරයෙන් එතෙර කරවන බවට වන කරුණාබර අධිෂ්ඨානය බෝධිචිත්තය නමින් හඳුන්වනු ලැබේ. මෙම කරුණාභරිත විධික්‍රමය, ශුන්‍යතාව අවබෝධ කරගැනීමේ ප්‍රඥාවත් සමග සංයෝජනය වූ විට, බෝධිසත්ත්වයන් ස්වකීය මාර්ගයේ ප්‍රථම භූමියට පිවිසුණේ යැ යි කියනු ලැබේ.

කරුණාවටත් පරාර්ථයටත් නැඹුරු වූ මෙම අධිෂ්ඨානය සුළු කොට තැකිය හැක්කක් නො වේ. බෝධිචිත්තය වනාහි මාර්ගයට පිවිසෙන ආධුනිකයා පමණක් වැඩිය යුත්තකැ යි නො සිතුව මනා ය. ආධ්‍යාත්මික ගමනේ කුමන තලයක සිටින අයකු වුව බෝධිචිත්තය වැඩිය යුතු ය. එනම්, අන්‍ය සත්ත්වයන්ට පිහිට වීම සහ ස්වකීය ආධ්‍යාත්මික අභිමතාර්ථය මුදුන්පත් කරගැනීම යන දෙවැදෑරුම් අධිෂ්ඨානය හැම යෝගියකුට ම තිබිය යුතු ය.

හෘද සූත්‍රයෙහි අවලො ්කිතේශ්වර බො ්ධිසත්ත්වයො ් මෙසේ කියති :

“පංචස්කන්ධයෝ ස්වභාව වශයෙන් ශූන්‍ය වෙති.” මෙම ප්‍රකාශය ගැඹුරින් අවලෝකනය කරමින්, දාර්ශනික ගුරුකුල ගණනාවක් ම පැරණි භාරතයේ බිහි විය. ඒ හැම ගුරුකුලයක් ම මේ ප්‍රකාශයෙහි වැදගත්කම අවධාරණය කළ අතර, විශේෂයෙන් හේතු-ඵල සම්බන්ධය තේරුම් ගැනීමෙහි ලා මේ ප්‍රශ්නය මැනැවින් නිරාකරණය කර ගත යුතු යැ යි උගන්වනු ලැබිණ.

මා නිතර ම කියන්නාක් සේ, සතුටින් සිටින්නටත්, දුකෙන් නිදහස් වන්නටත් අප කාටත් අභ්‍යන්තර ආශාවක් තිබේ. එහෙත් දුක උපදින්නේ කෙසේ දැ යි අප විමසා බලනවා ද? ඇත්තෙන් ම දුක උපදින්නේ කෙසේ ද? සතුට උපදින්නේ කෙසේ ද? දුක හෝ සතුට අත්දකින්නේ ඇත්තෙන් ම කවුරු ද? මෙසේ දුක සහ සතුට උපදින ආකාරය ගැඹුරින් විමසා බලන කෙනකුට පෙනී යන්නේ, දුක හෝ සතුට හෝ උපදින්නේ, බොහෝ හේතු සහ ප්‍රත්‍ය සම්පාදනය වීමෙන් බවයි. මෙයින් සමහරක් අභ්‍යන්තර සාධක වේ. පංචේන්ද්‍රියන්, සංඥා, වේදනා ඊට උදාහරණ ය. මීට අමතර ව, රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ යනාදි බාහිර සාධක ද මේ අතර ඇත. මෙය දකින කෙනකු පෙලඹෙන්නේ, දුක සහ සතුට යන අත්දැකීම් ලබා දෙනු පිණිස මේ සාධක කෙසේ පෙළගැසෙනු ඇති දැ යි සොයා බලන්නටයි.

බාහිර සහ අභ්‍යන්තර ලෝක නිර්මාණය වන්නේ කෙසේ ද, මෙ කී අත්දැකීම් ලබන පුද්ගලයාගේ ස්වභාවය කුමක් වේ ද යන කරුණට භාරතයේ බෞද්ධ සහ අබෞද්ධ දාර්ශනික සම්ප්‍රදායයන් ගණනාවක් විවිධ පිළිතුරු ලබා දී තිබේ. වස්තූන් සහ සිදුවීම් සේ ම, පුද්ගලයා ද අහේතුක ව ම අහම්බයන් සේ පැනනැඟුණේ යැයි ඇතැම් දාර්ශනික ගුරුකුල කියා සිටි අතර, තවත් ඇතැම් ගුරු කුලවල අදහස වූයේ, මේ සියල්ලට පරම වූත්, නො වෙනස් වන්නා වූත්, සදාකාලික වූත් හේතුවක් ඇති බවයි.

මේ සියලු‍ ආස්ථානයන් රඳා පවතින්නේ, අත්දැකීම් ලබන්නා හෙවත් ‘පුද්ගලයා’ යන්න කෙසේ තේරුම් ගනු ද යන කරුණ මත ය. එබැවින් අපි ‘පුද්ගලයා’ පිළිබඳ අපේ අවබෝධයේ පැතිකඩ කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

පුද්ගලයා යනු ශරීරය යැ යි අපි බොහෝ විට සිතන්නෙමු අතක වේදනාවක ් දැනෙන විට, “මගේ අත රිදෙනවා,” යැයි කියමු. අත යනු පුද්ගලයා නො වුව ද, එම වේදනාව අත්දකිනු සමග, කය අරබයා ‘පුද්ගල’ සංඥාවක් ඇති කර ගනිමු.

අනෙක් අතට, ‘තමා’ ලෙස කෙනකුට දැනෙන හැඟීම උදක් ම කය අරබයා ඇති වන්නක් ද නො වේ. මේ කුඩා චිත්ත පරීක්ෂණය කර බලන්න: “දැනට තිබෙන කය වෙනුවට ඊට වඩා රූප සම්පන්න වූ ද සෞඛ්‍ය සම්පන්න වූ ද අලු‍ත් කයක් ලබා දෙන්න පුළුවනි – එසේ කරමු දැ?” යි ඇසුවොත් කෙනකු ඊට අකැමැති වනු ඇත් ද? මෙයින් පෙනී යන්නේ, කිසියම් මට්ටමකට, කයෙන් පරිබාහිර වූ දෙයක් ද ‘තමා’ ලෙස අප හඳුනාගන්නා බවයි. චිත්ත පරීක්ෂණයේ දී කාය හුවමාරුවෙන් වාසි ලබන්නට ආශා කළේ මෙන්න මේ පුද්ගලයා ය.

මේ චිත්ත පරීක්ෂණය තව පියවරක් ඉදිරියට ගෙන යමු. විපිළිසර වූ ද, මෝහභරිත වූ ද මේ හිත වෙනුවට, බුදුන්වහන්සේගේ පූර්ණ අවබෝධයට පත්බුද්ධ මනස හුවමාරු කරගන්නට කැමති ද? මේ හුවමාරුවටත් අප කැමති වනු ඇත. මෙවිට, මේ හුවමාරුවෙන් වාසි ලබන්නා වූ අ-චිත්තමය වූ පුද්ගලයකු සිටින බව අපි විශ්වාස කරන්නෙමු. මෙයින් පෙනී යන්නේ, අප පුද්ගලයා යන්න උදක් කය හෝ මනස හෝ හැටියට නො ගන්නා බවයි.

ලෝකය ගැන නො ගැඹුරු දැක්මක් ඇති අපි, අපේ කයත් හිතත් දෙකට අධිපති වූ කිසියම් ස්වාධීන වූ ද ස්ව-පැවැත්මක් ඇත්තා වූ ද ‘පුද්ගලයකු’ සිටින බවට දැනෙන හැඟීමට ඇලී සිටිමු. පුනර්ජන්මය විශ්වාස කරන්නෝ, යළි උපදින්නේ මෙන්න මේ පුද්ගලයා යැ යි සිතති. පුනර්ජන්මය නො පිළිගන්නා අය තුළ ද, ජීවිත කාලයක් තුළ නොවෙනස් වන ‘මම’ කෙනකු ඇතැ යි ද, ඒ ‘මම’ ළදරුවකුගේ සිට තරුණ වියට මැදි වියට එළඹ මහලු‍ වන බවට තදබල හැඟීමක් ඇත. මේ දෙපිරිස තුළ ම ඇත්තේ, ඒ ජීවිත කාලයක් තුළ හෝ, ජීවිත කාල බොහෝ ගණනක් තුළ හෝ, සන්තතික ව පවතින ‘මම’ කෙනකු ඇති බවට දැඩි හැඟීමයි.

බොහෝ අබෞද්ධයන් පුද්ගලයාගේ භෞතික හෝ මානසික හෝ වෙනස්කම්වලින් පරිබාහිර වූ සදාකාලික ආත්මයක් – එනම්, පරම වූ යථාවක් ඇතැ යි විශ්වාස කරන්නේ මේ සන්තතික බව පිළිබඳ හැඟීම නිසා ය. එහෙත් බෞද්ධ ගුරුකුල උගන්වන්නේ, කෙනකු මේ ආත්මයෙහි සාරය පිළිබඳ ප්‍රමාණවත් විශ්ලේෂණයක් කළ හොත්, එබන්දක් සොයාගන්නට නො හැකි යැ යි තේරුම් ගන්නා බවයි.

මෙබඳු ගවේෂණයකට බසනි තැනැතත් කටු පෙනී යන කරුණක් නම්, පුද්ගලයකුගේ සන්තතික බව පිළිබඳ හැඟීම රඳා පවතින්නේ, භෞතික සහ මානසික ස්කන්ධයන් (පංච උපාදානස්කන්ධය) උඩ බවයි. කය සහ මනස වියපත් වන විට පුද්ගලයා වියපත් වන්නේ යැ යි කියනු ලැබේ. මේ නිසා බෞද්ධයෝ නො වෙනස් වන්නා වූ සදාකාලික ආත්මයක් ඇතැ යි යන අදහස ප්‍රතික්ෂේප කරති. තව ද, පුද්ගලයකු ඇතැ යි මෙසේ හට ගන්නා සංඥාව හුදු මනෝ සංස්කරණයකැ යි පවසති. සියලු‍ සත්ත්වයන් හට තමා සිටින බවට අභ්‍යන්තර ‘හැඟීමක්’ ඇත ද, පරම වූත්, නො වෙනස් වන්නා වූත්, සදාකාලික වූත් පුද්ගලයකු සිටින බවට වන ‘සංකල්පය’ ඇත්තේ මේ ගැටලු‍ව ගැන සිතා බැලූ අයට පමණි.

එසේ වුව, සිය විශ්ලේෂණය තව දුරටත් කරගෙන යන බෞද්ධයාට පෙනී යන්නේ, මෙම පුද්ගල සංඥාව හට ගන්නේ, භෞතකි සහ මානසකි වශයෙන් දෙවැදෑරුම් වූ පංච උපාදානසක්ධය උඩ බවයි.

නො වෙනස් වන්නා වූත්, සදාකාලික වූත් පුද්ගලයකු ප්‍රතික්ෂෙප කරන අතර ම, බෞද්ධයෝ කයටත් මනසටත් අධිපති වූ ‘මම’ කෙනකු සිටින බවට වන හැඟීම ද විශ්වාස නො කරති. භෞතික හෝ මානසික හෝ සංරචක ගණනාවකට වැඩි යමක් සොයාගන්නට අපහසු වූ විට, මේවා පාලනය කරන ස්වාධීන තැනැත්තකු කෙසේ සොයාගන්න ද? බෞද්ධ ඇසින් බලන කල, නො වෙනස් වන්නා වූ පරම පුද්ගලයකු සිටින බවට වන අබෞද්ධ ඉගැන්වීම විසින්, කයටත් මනසටත් අධිපති වූ මම කෙනකු ගැන අපට ඇති වැරදි හැඟීම තහවුරු කරනු ලැබේ.

මේ නිසා, වෛභාෂික ගුරුකුලයේ ඇතැම් ශාඛාවන් හැර භාරතයේ අන් සියලු‍ බෞද්ධ ගුරුකුල විසින් ආත්මයක් ඇති බවට වන අදහස ප්‍රතික්ෂෙප කරනු ලැබිණ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *