ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
අප අන් අය හා සන්නිවේදනය කිරීමේ දී සෑම අවස්ථාවක ම එකම ආකාරයට ප්‍රතිචාර දැක්විය නොහැකි ය. විශේෂයෙන් ම අන් අය විමසන ගැටලු හෝ ප්‍රශ්න කිරීම්වල දී, එක ම ගැටලුවට පවා එක ම පිළිතුර ලබා දීම කළ නොහැකි ය. පිළිතුරු දීමට පෙර ගැටලුව යොමු කළ තැනැත්තාට මෙන්ම, ගැටලුව යොමු කළ අවස්ථාව පිළිබඳව ද, සැලකිලිමත් විය යුතු ය. එසේ නොමැති වුව හොත්, ලබා දෙන පිළිතුර සන්නිවේදනයේ අපේක්ෂිත අරමුණ ඉටු නො කරයි. එම නිසා ගැටලුකට පිළිතුරු ලබා දීමට පෙර, එම පුද්ගලයා එම ගැටලුව යොමු කරන්නේ මන්ද යන්න පිළිබඳව මෙන්ම, එම පුද්ගලයා සිටින මානසික තත්ත්වය, අවබෝධ කරගැනීමේ හැකියාව, එම පිළිතුර එම පුද්ගලයාට වැඩක් කරයි ද? අවැඩක් කරයි ද? ආදී කරුණු රැසක් පළි බි ඳව අවධානය දිය යතු ය. යමක ගැටලුව අප වෙත යොමු කරන්නේ මන්ද යන්න පිළිබඳව මෙන්ම, එම ගැටලුවේ ස්වභාවය, හඳුනාගැනීමේ හැකියාව ද, අප සතු වීම අත්‍යවශ්‍ය ය. ගැටලුවට අනුරූප ව පිළිතුරු සැපයිය හැක්කේ එවිට ය. මේ ආකාරයට ගැටලුවේ ස්වභාවය හඳුනාගෙන එයට පිළිතුරු දීම මනා සන්නිවේදන හැකියාවක් සහිත පුද්ගලයකුගේ ලක්ෂණයකි. මනාව සන්නිවේදනය කිරීමට නම්, එම පුද්ගලයා ගැටලුවේ ස්වභාවය හඳුනාගත යුතු බව පවසන බුදුරජාණන්වහන්සේ, පිළිතුරු දිය යුතු ස්වභාවය අනුව ප්‍රශ්න වර්ග හතරකට බෙදා දැක්විය හැකි බව පවසති.
■ ඒකාන්තයෙන් විසඳිය යුතු ගැටලු
■ බෙදා විසඳිය යුතු ගැටලු
■ ප්‍රශ්න අසා විසඳිය යුතු ගැටලු
■ පිළිතුරු නො දී පසෙකින් තැබිය යුතු ගැටලු
යනු එම වර්ග හතරයි. මෙම වර්ග හතර නිවැරැදි ව හඳුනාගෙන පිළිතුරු දිය හැකි නම් එම පුද්ගලයා දක්ෂයෙක් වේ. එම පුද්ගලයා, නො ගැටිය හැකි, මැඬපැවැත්විය නොහැකි, ගැඹුරු දේ දත්, අර්ථය හා අනර්ථය දත්, තැත්තෙකි. අනර්ථය අතහැර, අර්ථය ගැනීමටත් දක්ෂ පුද්ගලයෙකි. මෙසේ එම පුද්ගලයා අර්ථය අවබෝධ කළ නැණවත් පුද්ගලයකු බවට පත් වන බව බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරති (අංගුත්තර නිකාය, වතුත්ථ නිපාතය, රෝහිතස්ස වග්ගය, පඤ්හව්‍යාකරණ සූත්‍රය). එම නිසා මෙම ගැටලු වර්ග හතර හඳුනාගැනීම බුද්ධ අනුගාමික අපට අතිශය වැදගත් වේ.
පුද්ගලයනට ඇති වන ඇතැම් ගැටලුවලට සෘජු පිළිතුරු ලබා දිය හැකි ය. ඒවා ඒකාන්තයෙන් විසඳිය යුතු ගැටලු ලෙස හැඳින්වේ. බුදුරජාණන්වහන්සේ, තමා විමසන ගැටලුව පළි බි ඳ අවබොධ් යක ් පශ්‍ර න් ය අසන්නාට ද පවතින බොහෝ අවස්ථාවල, ඒකාන්ත පිළිතුරක් එම පුද්ගලයාට ලබා දී ඇත. අංගුත්තර නිකායෙහි, පඤ්චක නිපාතයෙහි බ්‍රාහ්මණ වග්ගයෙහි හමු වන සඞ්ගාරව සූත්‍රය එවැන්නකි. සඞ්ගාරව බ්‍රාහ්මණයා බුදුරජාණන්වහන්සේව මුණ ගැසීමට පැමිණෙන්නේ ඔහුට ඇති වූ ගැටලුවක් විසඳාගැනීමට ය. එනම්, ඔහු බොහෝ කාලයක් නිතර සජ්ඣායනා කළ මන්තර නො වැටහීමටත්, බොහෝ කලකින් සජ්ඣායනා නො කළ මන්තර පළමුව නො වැටහීමටත්, බොහෝ කාලයක් නිතර සජ්ඣායනා කළ මන්තර මෙන්ම බොහෝ කලකින් සජ්ඣායන නො කළ මන්තර පළමුව වැටහීමටත්, හේතුව සොයා ගැනීමට ය.
මෙම පැනයට පිළිතුරු දෙන බුදුරජාණන්වහන්සේ පංච නවී රණ ධර්මයන් ගෙන් සිත වැසී තිබෙන අවස්ථාවල සිත පැහැදිලි නො වන නිසා අවබෝධ කරගැනීමෙහි හැකියාව නැති වන බවත්, සිත පැහැදිලි නම් පවතින දෙය අවබෝධ කරගැනීමට හැකියාව ඇති වන බවත්, පවසති. ජල බඳුනකින් සිය ප්‍රතිබිම්බය බලන්නකුට ජලයෙහි පවතින ස්වභාවය අනුව එය දැකගැනීමෙහි හෝ දැකගැනීමට අපහසු වන ආකාරය උපමාවට ගෙන ඒ පිළිබඳව තවදුරටත් බුදුරජාණන්වහන්සේ පැහැදිලි කළ සේක. මේ ආකාරයට ප්‍රශ්නය අසන්නාගේ මානසික තත්ත්වය හා ප්‍රශ්නය ඇසීමෙහි අරමුණ එම තැනැත්තාට යහපතක් සැලසීමට හේතු වේ නම්, බුදුරජාණන්වහන්සේ සෘජු පිළිතුරු ලබා දී තිබෙනු හඳුනාගත හැකි ය. බ්‍රහ්මායු සූත්‍රය. කාලාම සූත්‍රය, චූලකම්ම විභංග සූත්‍රය, වැනි සූත්‍ර මේ ආකාරයට පිළිතුරු ලබා දුන් අවස්ථාවලට නිදසුන් ය.
එකාන්ත පිළිතුරක් දිය හැකි වුවත්, අසන්නාට එය වටහාගැනීමට නොහැකි නිසා පිළිතුර විශ්ලේෂණාත්මක ව ඉදිරිපත් කළ යුතු අවස්ථා තිබේ. බුදුරජාණන්වහන්සේ බොහෝ අවස්ථාවල පිළිතුර විශ්ලේෂණාත්මක ව ඉදිරිපත් කර තිබෙනු දැකිය හැකි ය. පුද්ගලයා පිළිබඳ සංකලප් ය පිළිබඳ එක් එක් අවස්ථාවල කර ඇති විග්‍රහයන් මේ සඳහා එක් නිදසුනකි. එක් එක් තැනැත්තාගේ පුද්ගල සංකල්පය පිළිබඳ අවබෝධය අනුව එම පුද්ගලයාට නිත්‍යය වූ පුද්ගලයෙකු නැති බවත්, පුද්ගලයාට අයත් සියල්ල ම අනිත්‍ය බවත්. මෙම විග්‍රහයන් ඔස්සේ බුදුරජාණන්වහන්සේ පැහැදිලි කරති. පුද්ගලයා යනු ධාතු හයක එකතුවක් ලෙස හඳුන්වන ෂඩ් ධාතු විගහ්‍ර යත්, සංවේදන ඉනද්‍ර් යි හයක එකතවු ක් ලෙස දක්වන ෂඩ් ආයතන විග්‍රහයත්, ෂඩ් ආයතනයන් ඔස්සේ කරන සංවේදනවලට දක්වන ප්‍රතිචාර දහ අටක එකතුවක් ලෙස සලකන අටලොස් මනෝපවිචාර විග්‍රහයත්, ඒ අතරින් කිහිපයකි. එසේ ම දුක කුමක් දැ යි පැහැදිලි කරන බුදුරජාණන්වහන්සේ, එය කොටස්වලට බෙදා දක්වති. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, අප්‍රියයන් හා එක් වීම, ප්‍රියයන් ගෙන් වෙන් වීම, කැමැති දෙය නො ලැබීම, අකැමැති දෙය ලැබීම, ආදි ලෙසින් දුක කොටස්වලට බෙදා දක්වා, දුක, පුද්ගල සංකල්පය ලෙස සංක්ෂේප කර දැක්වීමට හැකි බව පවසති.
පිළිතුරක් හිතෙහි තබාගෙන පැමිණි පුද්ගලයකුට ඒකාන්ත වශයෙන් හෝ බෙදා දැක්වීමෙන් යමක් අවබෝධ කරලීම අපහසු ය. ඒ සඳහා ඔහු දන්නා දෙයින් නොදන්නා දෙය වෙත ගෙන යා යුතු ය. එසේ ම පිළිතුරක් සිතෙහි තබාගෙන සිටින පුද්ගලයා ගෙන් ප්‍රශ්න කිරීමේ දී, ඔහුගේ සිතෙහි තිබෙන අදහස අකැමැත්තෙන් වුවත් පැවසීමට ඔහුට සිදු වේ. ‘තමා දන්නේ ය’ තමා දන්නා දෙය නිවැරැදි ය යන අදහසින්, මානයෙන් යුතු වූ පුද්ගලයා ගෙන් ප්‍රශ්න ඔස්සේ ගැටලුව විග්‍රහ කිරීමේ
දී ආයාසයකින් තොර ව පවතින යථාර්ථය වෙත යොමු කිරීම පහසු ය. පෙර සැලසුම් ඇති ව හ් මානයෙන් යතු ව ගැටලු රැගෙන පැමිණි පුද්ගලයනට බුදුරජාණන්වහන්සේ සැම විට ම පාහේ භාවිත කර තිබෙන්නේ ප්‍රශ්න විචාරීමෙන් ගැටලු විසඳීමේ ක්‍රමයයි. අභයරාජකුමාර සූත්‍රය, චූල සච්චක සූත්‍රය, උපාලි සූත්‍රය, සෝණ දණ්ඩ සූත්‍රය, වැනි සූත්‍ර, ප්‍රශ්න විචාරීමෙන් ගැටලු විසඳීමේ ක්‍රමයට නිදසුන් ය.
පුද්ගලයනට ඇති වන ඇතැම් ගැටලුවලට පිළිතුරු ලබා දීම මඟින් එම පුද්ගලයාට කිසිදු යහපතක් සිදු නො වේ නම් එවැනි ගැටලුවලට පිළිතුරු නො දිය යුතු ය. චූල මාලුක්‍යපුත්ත සූත්‍රයෙහි සඳහන් ලෙස එය හීසැරයකින් තුවාල වූ පුද්ගලයකු එම තුවාලයට ප්‍රතිකාර කිරීම පසෙක තබා, ඊතලයෙහි වර්ගය, එව් තැනැත්තාගේ වතගොත, ආදිය සොයමින් තුවාලයට ප්‍රතිකාර කිරීම කල් දැමීම වැනි දෙයකි (මජ්ක්‍ධිම නිකායෙහි, මජ්ක්‍ධිමපණ්ණාසකයෙහි, භික්ඛු වග්ගය). මේ ආකාරයට තමාට කිසිදු යහපතක් සිදු නො වන දෙය සොයමින් කළ යුතු දෙය මඟහරින පුද්ගලයාට, ඔහුගේ ගැටලුව එම පුද්ගලයා මුහුණ දී ඇති සැබෑ ගැටලුවට අදාළ නො වන බව පැවසිය යුතු ය. ගැටලුව විසඳීමෙන් අසන්නාට යහපතක් නො වන්නේ නම් එවැනි අවස්ථාවල සෘජු ව ම ඒ පිළිබඳව පැවසීමේ හැකියාව අප සතු විය යුතු ය. එවැනි අවස්ථාවල පිළිතුරු නො දී පසෙක තැබිය යුතු ගැටලු සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව චූල මාලුක්‍යපුත්ත සූත්‍රය කදිම නිදසුනක් සපයයි. මාලුක්‍යපුත්ත හිමියන් විමසා ඇත්තේ, අපට අවබෝධ කරගැනීමට අපහසු, අපගේ විමුක්ති සාක්ෂාත්කරණයට අදාළ නො වන, එම කාලයෙහි ජනයා දැරූ මතවාද පිළිබඳ කරුණු දහයකි.
■ ලෝකය සදාකාලික ද?
■ ලෝකය සදාකාලික නො වේ ද?
■ ලෝකයට කෙළවරක් ඇත්තේ ද?
■ ලෝකයට කෙළවරක් නැත්තේ ද?
■ ජීවය හා ශරීරය යනු එකක් ද?
■ ජීවය එකක් හා ශරීරය එකක් ලෙස
වෙන් ව පවතී ද?
■ සත්ත්වයා මරණින් පසු වන්නේ ද?
■ සත්ත්වයා මරණින් පසු වන්නේ ද, නො වෙයි හා නො වන්නේ ද, නො වෙයි ද?
■ සත්ත්වයා මරණින් පසු නො වන්නේත් වෙයි හා වන්නේත් වෙයි ද?
යනු එම කරුණු දහයයි.
එහි දී මාලුක්‍යපුත්ත තෙරුන් වහන්සේ, තමන් අසන ප්‍රශ්නවලට බුදුරදුන් පිළිතුරු නො දුන හොත්, සසනු හැර යන බව පවසති.
එයට පිළිතුරු දෙන බුදුරජාණන්වහන්සේ, එහිමියන් සසුන්ගත වන විට තමන්වහන්සේ වෙත එවැනි කොන්දේසියක් ඉදිරිපත් කළේ ද යනන් ත් තමන්වහන්සේ එයට එකඟ වූයේ ද යන්නත් ප්‍රශ්න කරති. එවැනි එකඟතාවක් ඇති නො වූ බව මාලුක්‍යපුත්ත හිමියෝ පිළි ගනිති. එවිට සැබෑ ගැටලුව පසෙක තිබිය දී කිසිදු අදාළත්වයක් නොමැති ගැටලුවක් අල්ලාගෙන සිටින ආකාරය පැහැදිලි කරන බුදුන්වහන්සේ මූලික ගැටලුවට යොමු වන ලෙස මාලුක්‍යපතු ත් හිමියනට අවවාද කරති.
මෙම සතර ආකාරයෙහි ම ගැටලුවලට පිළිතුරු දීමට එදිනෙදා ජීවිතය තුළ අපට දසිදු වේ. එවැනි අවස්ථාවල, අවස්ථානුකූල ව ගැටලුවේ ස්වභාවය හඳුනාගගෙන පිළිතුරු දීම, අපට මෙන්ම අන් අයට ද යහපතක් සලසයි. එම නිසා ගැටලුවලට පිළිතුරු දීමේ ක්‍රමවේදය අපගේ එදිනෙදා ජීවිතයේ දී ප්‍රායෝගික කරගමු.

