බුදු දහමට අනුකූලව නම් අප අවට මෙසේ හැසිරෙන්නේ අප පෙර ජාතිවලදී කර ඇති යහපත් වූ හෝ අයහපත් වූ හෝ කර්මයෝය. සිතා මතා කරන ක්‍රියාවලින් කර්මයක් උපදින බව බුදු දහමෙහි පැහැදිලිව දක්වා ඇත. මනුෂ්‍යයකුගේ සිතක පවතින සිතිවිලිවලට අනුව විවිධ වූ කිරණ ජාලයක් අවකාශයට සම්ප්‍රේෂණය වන සැටි දැනට ඡායාරූපගත කර ඇත. එම ඡායාරූප ඇසුරෙන් ඔහු හෝ ඇය එම වේලාවේ දරා සිටි සිතිවිල්ලේ ස්වභාවය ද හඳුනාගෙන තිබේ. මෙම ශක්ති විශේෂය, ස්නායු පද්ධතියේ මධ්‍යස්ථානය වූ මොළයෙහි ඉපිදී ස්නායු මාර්ගයෙන් අවකාශයට විකිරණය වෙයි. ගුවන්විදුලිය හෝ රූපවාහිනි සම්ප්‍රේෂණාගාරවලින් සම්ප්‍රේෂණය කෙරෙන ශබ්ද හා රූ මෙන් අපි විකිරණය කරන කර්ම ශක්තීන් ද එකිනෙක මිශ්‍ර නොවී තව තවත් මෝරමින් හා එම තැනැත්තා පසුව සම්ප්‍රේෂණය කරන කර්ම ශක්තීන්ගෙන් පෝෂණය හෝ පීඩනය ලබමින් අවකාශයේ පාවෙයි. කිසියම් ශක්තියක් නිකුත් කළ උපාදානස්කන්ධ සන්තතිය කොතැනකට මාරු වුවත් එතැන සොයා දිගටම සම්බන්ධය පවත්වයි.
අඹ ඇටයක් පැළකර සිටුවා පොහොර දමා සාත්තු කර වැඩෙන්නට සැලසුවහොත් කලකදී අපට එම ගසෙන් අඹ ගෙඩි ලැබේ. වෙන ගසක් වැලක් වුවද එසේමය. ගස හදාගැනීම කර්මයකි. ගෙඩි ඒම, කර්මයේ ඵලයයි. ගෙයක් සාදා ගතහොත් වාසය කළ හැකිය. ගෙය සාදාගැනීම කර්මය නම් වාසස්ථානයක් ලැබීම එහි ඵලයයි. මෙසේ අප කරන අපමණ කර්ම නිසා උපදින ඵල සැමතැනදීම අපි දකිමු. මෙය පැහැදිලි කිරීමට අමුතුවෙන් විස්තර අනවශ්‍යය. අප වෙනත් කෙනකුට නරක වචනවලින් කතා කළහොත් හෝ පාඩුවක් කළහොත් ඔහුගේ සිතෙහි අප කෙරෙහි අමනාපයක් ඇති වෙයි. මෙය ද පෙර සේම කර්මයක් හා ඵලයකි. මෙතැනදී අප කළ ක්‍රියාව හා දෙවැන්නාගේ සිතත් අතර සම්බන්ධය අඹ වැවීම හා ඵල නෙළීම අතර ඇති සම්බන්ධයට වඩා සියුම් එකකි. එහෙත් දෙවැන්නාගේ සිතේ අමනාපය අපගේ කර්මයෙන් ඇති වූවක් බව පැහැදිලිය. ආහාර ගැනීමෙන් ශරීරය වැඩීමත් ඉගෙනීමෙන් දැනුම දියුණුවීමත් මෙලෙසින්ම කර්ම හා විපාක ලෙස හඳුනාගත හැකිය. දැනුම වැඩුණේ ඉගෙනගත් නිසා කියා ජීව විද්‍යාව අනුව සරල පිළිතුරක් ලබාදිය හැකිය.
පහත දැක්වෙන්නේ 1990 නොවැම්බර් 29 වන දින බි්රතාන්යයේ ‘සන්’ නමැති දිනපතා පුවත්පතේ පළවූ වාර්තාවකි.
BOY STUDIES FOR DEGREE
AGED JUST 11
Varsity maths genius
By SIMON HUGHUES
BOY genius Ganesh Sittampalam is studying maths at university – at the age of 11.
He has gone straight into the SECOND year alongside students of 20 and is so good he needs to turn up just ONE day a week.
Jon Lewis, 20 a fellow student at Surrey University, Guildford, said; ”He is so brillant it makes you sick”
“But you can’t help liking him. She sits blowing bubble gum while solving amazing maths problems”. Ganesh is the youngest child this century to go to a British university beating Ruth Lawrence, who was 14 when she went to Oxford. But he is no swot-he has many pals and enjoys skateboarding and Batman comics.
Dad Arjuna, 45, a banker of Surbition, Surrey, says Ganesh can be cheeky too, adding; “When he is, he is ticked off.”
Ganesh, on course for a first class degree, has totted up records galore.
SAILED
The youngster – who wears a Dennis the Menace treacksuit on campus – was pronounced a genius at the age of SIX.
He sailed through the 11 – plus at SEVEN. At EIGHT he got grade A O – level maths and his A – level maths at NINE.
Ganesh is dividing his time between university and King’s College School, Wimbledon.
මෙම පුවත එම දිනවල බ්‍රිතාන්‍යයේ රූපවාහිනි ප්‍රචාරයෙහි ද දක්නට ලැබිණි. වයස 11ක් වූ මේ ළමයා ලාංකික මවකගේ දරුවකු වූ ගනේෂ් සිත්තම්බලම්ය. මොහු එවකට බි්රතාන්යයේ විශ්වවිද්‍යාලයක ගෞරව උපාධිය සඳහා ගණිතය උගනිමින් සිටියේය. මොහු වයස අටේදී සාමාන්‍ය පෙළ විභාගයෙන් ද වයස නවයේදී උසස් පෙළ විභාගයෙන් ද ගණිතයට සම්මාන සහිතව සමත් විය. පාඩම් කිරීමෙන් දැනුම වැඩෙන සැටි විස්තර කළ හැකි වුවත් පාඩම් නොකර මෙම කුඩා දරුවාට දැනුම ලැබුණු සැටි පැහැදිලි කිරීමට ජීවවිද්‍යාව අපොහොසත් වී ඇත.
විශේෂ වූ කුසලතා
මෙයට පෙරත් රූත් ලෝරන්ස් නමැති බාලිකාවක් වයස 14දී බි්රතාන්යයේ විශ්වවිද්‍යාලයක සිටි බව වාර්තා වෙයි. එම සිදුවීම ගනේෂ්ගේ හැකියාවට වඩා අඩු එකකි. එය වුවත් ඉගෙන ගැනීමට වඩා ඉහළින් ලබා තිබූ දැනුමකි. ගිනස් වාර්තා පොතෙහි මෙබඳු සිදුවීම් කොතෙකුත් සටහන් වී ඇත. එහෙත් මේවා කෙසේ වී දැයි සුදුසු නිගමනයන් ලබාගෙන නැත. 1976 වර්ෂයේ ගිනස් පොතට ඇතුළත් වූ වාර්තාවක ඕලන්ද ජාතික විලියම් ක්ලේන් නමැත්තා සතුව පැවැති විශේෂ හැකියාවක් පිළිබඳව සඳහන් වෙයි. ඔහු මෙය ප්‍රදර්ශනය කර ඇත්තේ 1976 අගෝස්තු 27 වැනිදාය. ඔහුට ඉලක්කම් පන්සියයක සංඛ්‍යාවක් දී තිබේ. 1234567890 යන පිළිවෙළට ඉලක්කම් පන්සියයක් ලියා එම සංඛ්‍යාවේ 73 වැනි මූලය සෙවීමට දී තිබේ. කිසි තැනක නොලියා, සිතින්ම එහි 73 වැනි මූලය නිවැරදිව කීමට ඔහුට ගතවී ඇත්තේ විනාඩි දෙකකුත් තත්පර හතළිහකි. 64හි තුන්වැනි මූලය කියන්නැයි කීවොත් ගණිතය ටිකක් දන්නා අයකු වුවත් හතර යැයි පිළිතුරු දෙනු ඇත. එහෙත් සංකීර්ණ සංඛ්‍යාවක තුන්වැනි මූලය සෙවීමට ලඝු වක්‍රයක් උපයෝගි කර ගැනීමට සිදුවෙයි. මෙතරම් දිග සංඛ්‍යාවක 73 වැනි මූලය සෙවීමට මෙතරම් සුළු වේලාවකදී ලිවීමෙන් ද තොරව මොහුට හැකි වූයේ කෙසේදැයි පැහැදිලි කිරීමට ජීවවිද්‍යාඥයන් සමත් වී නැත.
පුනර්භවය
මෙවන් අද්භූත සමත්කම් දැක්වූ විවිධ පුද්ගලයන් ලොවෙහි බොහෝ රටවලින් හමුවී ඇත. ඒ පිළිබඳව පරීක්ෂා කර වාර්තා ද ලබාගෙන ඇත. මෑත කාලයක විවිධ සොයාගැනීම් කළ පුද්ගලයන් පිළිබඳව කීමට ඇත්තේ ද එයමය. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව කියැවෙන්නේ මේවා මොවුන් පෙර ජාතිවලදී පුහුණු වී සිටි දේවල් බවය. විශ්වය තුළ ඇති ලෝක අනන්තය. ඒවායේ ජීවත් වන සත්ත්වයන් කරන හා හැකියාවන් දරන අපමණ දේවල් ඇත. අපට කතා කළ හැක්කේ අප වාසය කරන පොළොව හා මෑතකදී සුළු දැනුමක් ලබාගත් සමහර ග්‍රහලෝක ගැන පමණි. එහෙත් සත්ත්වයන් වාසය කරන ලෝක මෙන්ම ඒවායේ පවතින විවිධත්වය ද අසීමිතය. එබැවින් විවිධ සමත්කම් ඇතිව සිටින ලෝකයකින් අවුත් මෙලොව උපත ලැබූ අය ද සිටිය හැකිය. මෙලොවම වුවත් පෙර ජාතිවල විවිධ හැකියාවන් දියුණු කළ අය නැවත මෙහි උපත ලැබිය හැකිය. අප සෑම කෙනකුම අතීත ජීවිතයන්හි දැනගත්, පුහුණු වූ අපමණ දේ ඇත. මේවායින් වත්මන් ලොවෙහි අපට දකින්ට ඇති දේවල්වලට සම්බන්ධ වූ විෂයයන් පමණක් විකාශයට පැමිණෙයි. එසේ නැති ඒවා තෙරපී පවතී. අපගේ ශරීර නිර්මාණයට ගැළපිය හැකි දේවල් පමණක් මෙම ශරීර දරන්නන් තුළ විකාශනය වී වැඩිදියුණු වෙයි. සාමාන්‍ය සිරිත මෙලෙස වුවත් කලාතුරකින් කෙනකු තුළ අසාමාන්‍ය දේවල් විකාශනය වී හෙළි වෙයි. අපි ඒවා අද්භූත දේ ලෙස සලකා නිහඬ වෙමු.
මෙම කරුණ සම්බන්ධව තවත් වැදගත් වන දෙයක් නම් පුද්ගලයන්ගේ රුචිය ය. සමහරු තමන්ගේ මවුපියන් පවත්වාගෙන එන වැඩකටයුතුවලට සම්බන්ධයක් නැති දේවලට රුචි වනවා පමණක් නොව, ඒවා පිළිබඳ විශේෂ සමත්කම් ඇතිව ද සිටිති. අතීත ජාතිවලින්ලත් දැනුම හා පුහුණුව ප්‍රතික්ෂේප කළ මනෝවිද්‍යාඥයන් නිහඬ වූ තැන් ඇත. අභිඥා ලාභීන් තමන්ගේ අතීත ජාති පිළිබඳව සඳහන් කළ අවස්ථා බෞද්ධ හා හින්දු සාහිත්‍යයන්හි බොහෝ හමුවෙයි. ඒවා අද කැමැති කෙනකුට පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ලෙහෙසියෙන් ඉඩ තිබේ. එහෙත් වර්තමාන යුගයේ විසූ හා අදත් වෙසෙන පර්යේෂකයන් විසින් සොයා හෙළිකර ඇති තොරතුරු විශාල ප්‍රමාණයක් අද අප ඉදිරියේ ඇත. කුඩා වියේදී සිහිපත් වී අතීත ජාතියේ තොරතුරු කියන දරුවන් පිළිබඳව මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා හා තවත් නොයෙක් දෙනා සොයා ඉදිරිපත් කළ වාර්තා ඇත. පුද්ගලයන් මෝහනයට පත්කොට, ඔවුන්ගේ මනස අතීතයට යවමින් ඔවුන්ගෙන්, ඔවුන්ගේ පෙර ජාතිවල තොරතුරු ලබාගෙන, විවිධ පරීක්ෂණයන් ද කොට ඒවායේ වාර්තාවන් පළ කර ඇත. මේවායේ අගයක් ඇතැයි පිළිගතහොත් ගනේෂ්ගේ හෝ එවැනි වෙනත් අයගේ හෝ විශිෂ්ට හැකියාවන්ට හේතුව ඔවුන්ගේ පෙර ජාතිවල ලබා සිටි දැනීම් ලෙස පිළිගත හැකිය.
ශරීරය ගොඩනැඟීමට අමුතු වෙහෙසක් නොදරාම සුන්දර ශරීරයක් දරා සිටින අය ද සෞඛ්‍ය රැකීමට අතිරේක උත්සාහයක් නොදරාම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් දරන අය ද වැඩි වෙහෙසක් නොදරා වුව ද මහත් ධන සම්භාරයක් උපයාගෙන සිටින අය ද බොහෝ වෙහෙස ගෙනත් මෙම කරුණු අතින් ඉතා දුර්වල වී සිටින අය ද කොතෙකුත් හමු වෙති. පුද්ගලයන් තුළ දක්නා මෙම වෙනස්කම් විචාරකයන්ගේ විමසා බැලීමට ලක්වූයේ මෑතක සිට නොවේ.
මතුසම්බන්ධයි