සැබෑ ධර්ම දේශනාවක් කෙසේ විය යුතු ද?

rashi
By rashi
8 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය

මිරිස්සේ ධම්මික හිමි

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

කිත්තාවතානු ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛු අස්සුතක්‍ද්චේව ධම්මං සුණාති, සුතා චස්ස ධම්මා න සම්මෝසං ගච්ඡන්ති, යෙ චස්ස ධම්මා පුබ්බේ චේතසා සම්ඵුට්ඨපුබ්බා, තේච සමුදාචරන්ති, අවික්‍ද්ක්‍දාතක්‍ද්ච විජානාතී ති.

“ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, භික්‍ෂුව කෙතෙක් කරුණින් නො ඇසූ දහමුත් අසා ද, ඔහු විසින් ඇසූ දහමුත් අමතක ව නො යේ ද, ඔහු විසින් යම් ධර්මයෙක් සිතින් ස්පර්ශ කොට ගන්නා ලද්දේ නම් ඒ දහම් ද මනෝද්වාරයෙහි හැසිරෙත් ද, නො දත් කරුණුත් දැන ගන්නේ ද”

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ ධම්මික වර්ගයට අයත් ආනන්ද සූත්‍රයේ අඩංගු ධර්ම කොට්ඨාසයකුයි. ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉහත සඳහන් කළ ධර්ම කොට්ඨාසයේ ඇතුළත් දහම් පැණ සැරියුත් මහතෙරුන් වහන්සේ වෙතින් විචාරන ලද්දේ ය. සැරියුත් මහතෙරුන් වහන්සේ පිළිවදන් දුන්නේ ආනන්ද තෙරුන් බහුශ්‍රැත බැවින් ආනන්ද තෙරුන් ම පිළිතුරු දිය යුතු බව දක්වමිනි. මින් අනතුරු ව, ආනන්ද තෙරුන් වහන්සේ ම මෙසේ පැහැදිලි කරති.

“සාරිපුත්ත තෙරණුවනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සූත්‍ර (සූත්‍ර දේසනා), ගෙය්‍ය (සජ්ඣායනා කටයුතු ගාථා), වෙය්‍යාකරණ (සංග්‍රහ නො කළ බුද්ධ වචන), ගාථා (ධම්මපද, ථේර ථේරි ගාථා ආදිය), උදාන (ප්‍රීති වාක්‍ය), ඉතිවුත්තක (මෙසේ ය යි දක්වන ලද ධර්ම), ජාතක (ජාතක කතා), අබ්භූත ධර්ම (ආශ්චර්ය, අද්භූත ධර්මයන්ගේ එකතුව), වේදල්ල (නුවණින් සතුටින් විමසන ලද දේසනා) ඉගෙනගනියිත පුහුණු කරයිත ඇසූ පරිදි, ඉගෙන ගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අන් අයට දේශනා කරයිත ඇසූ පරිදි ඉගෙනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අන් අයට කියවයිත ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි විස්තර වශයෙන් අන් අයට සජ්ඣායනා කරයිත ඇසූ පරිදි ඉගෙනගත් පරිදි ධර්මය සිතින් තර්කනය කරයිත ඒ අනුව විචාර කොට විමසා බලයි. සිතින් විමසා බලයි.

යම් ආවාසයක්හි බහුශ්‍රැත වූ, ධර්මය මැනැවින් හැදෑරූ, ධර්මධර වූ, විනයධර වූ, ප්‍රාතිමෝක්‍ෂධර වූ ථේර භික්‍ෂුවක වෙසෙත් නම් ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළඹ වහන්ස මෙසේ කියා ඇත. මේ ප්‍රකාශයෙහි අර්ථය කුමක් දැ යි ප්‍රශ්න කරයි. ගළපා බලයි. එසේ ප්‍රශ්න කරන ඔහුට ඒ ආයුෂ්මතුන් වහන්සේ වැසී තිබෙන දහම් කරුණු විවෘත කොට දෙති. ප්‍රකට නො වූ දේ ප්‍රකට කොට දෙති. සැකයට හේතු වූ නන්වැදෑරුම් ධර්මයෙහි සැක දුරු කෙරෙත්.”

ඉහත සඳහන් දහම් කොටස විවරණය කොට ගනිමු. මේ සම්බුද්ධ ශාසනයෙහි යම් වූ ද භික්‍ෂුවක්, භික්‍ෂුණියක හෝ උපාසකයෙකු, උපාසිකාවක විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ සද්ධර්මය මැනැවින් හදාරනු ලැබිය යුතු ය. එසේ හැදෑරිය යුත්තේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ ආදි වූ නවාංග ශාස්තෲ ශාසනයයි. තමා විසින් මැනැවින් හදාරා අන් අය ඉදිරියේ ආචාර්යවරයෙකු හෝ කල්‍යාණ සත්පුරුෂයෙකු ඉදිරියේ කියවීම අවශ්‍ය ය. කොපමණ දැන සිටියත් යම් තැනක දුර්වල තැනක් මතු විය හැකි බැවිනි. සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් අනන්ත බුද්ධ ක්‍දාණයන් ගෙන් යුතු ව දෙසු දහම් පෙළ එසේ සම්මා සම්බුද්ධ නො වූ අයෙකු විසින් මෙය මෙසේ ම යි කියා පැවසීම සිදු කළ හැකි යමක් නො වේ. රහත් උතුමන් පවා නැවත නැවතත් ධර්මය සජ්ඣායනා කරමින් සිතින් නැවත නැවතත් විමසා බැලීම අවශ්‍ය ය. එතැනින් ද නො නැවතී බහුශ්‍රැත වූ ධර්මධර විනයධර වූ ප්‍රාතිමෝක්‍ෂය මැනවින්

අනුගමනය කරන්නා වූ මහතෙරුන් වහන්සේ නමක වෙතට ගොස් උන්වහන්සේ ඇසුරු කරමින් වස්සාන කාලයේ වස් එළඹිය යුතු ය. උන්වහන්සේ වෙත වෙසෙමින් භාග්‍යවතුන් වහන්සේ දෙසු දහම්හි අර්ථය විමසීම කළ යුතු ය. මෙහි දී ඒ මහ තෙරුන් වහන්සේ විසින් තමා සතු ධර්මධර හා විනධර බව ද, ශාසනයෙහි බොහෝ කල් වැඩ වසමින් ලද පරිණත බව ද උපකාර කොටගෙන මේ ප්‍රශ්න කළ ආයුෂ්මතුන් වහන්සේට නො පෙනුණු නො හැඟුණු තැන් විවෘත කොට දෙති. ප්‍රකට නො වූ සියුම් ධර්ම කොටස් ප්‍රකට කොට දෙති. සැකයට හේතු වූ නන්වැදැරුම් ධර්ම කොටස්වල සැක දුරු කොට හරිති.

බොහෝ මහතෙරවරුන් ඒ මහාථේර බවට පත් වූයේ සාමණේර භාවයේ සිට වත් පිළිවෙත් මැනැවින් පුරුදු කොට ධර්ම විනය ආචාර්ය උපාධ්‍යායන් යටතේ බොහෝ කලක් පුරුදු කිරීමෙන් අනතුරු ව ම ය. උපසම්පදා වීමෙන් අනතුරු ව ද ආචාර්යවරයාගේ අනුමැතිය ලැබෙනා තෙක් අවුරුදු පහක් දක්වා කාලයක් වුව ද වත් පිළිවෙත් සම්පූර්ණ කරමින් ධර්ම විනයෙහි ශික්‍ෂණය ලැබීමට සිදු විය. ලෞකික විෂයන් කෙරෙහි කොපමණ දැනුමක් පැවතිය ද කාලයක් පුරා ධර්ම විනයෙහි නො හික්මුණු අයෙකුට භාග්‍යවතුන් වහන්සේ දේසනා කළ පරමාර්ථ ධර්මය පිළිබඳ නිසි අවබෝධයකට පැමිණිය නොහැකි වීමට අවස්ථාව ඇත්තේ ය. මේ නිසා ධර්ම විනය පිළිබඳ තම පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමේ දී ධර්මධර විනයධර මහතෙරුන් වහන්සේලා සමග සාකච්ඡා කොට විමසා බලා ම ධර්ම විනයට අනුගත ව ම ප්‍රකාශ කළ යුතු ය.

ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති. “සාරිපුත්ත තෙරුණුවනි. මේ සඳහන් කළ කරුණින් යම් භික්‍ෂුවක් නො අසන ලද ධර්ම අසයි. අසන ලද ධර්ම අමතක ව නො යයි. එනම් සතියෙන් බැහැර නො යයි. එමෙන්ම පෙර සිතින් දරාගත් ධර්මයෝ ද ඔහුගේ මනෝද්වාරයෙහි පවතිත්ත හැසිරෙත්ත නො දත් කරුණු ද හේ දැනගන්නේ ය.”

සාරිපුත්ත තෙරුණුවන් වහන්සේ මෙසේ සඳහන් කරති. තෙරණුවන් වහන්සේට මහත් සේ ගෞරව කළ යුතු ය. ආනන්ද තෙරුණුවන් වහන්සේ විසින් මෙය මනා කොට ප්‍රකාශ කරන ලද්දේ ය. අපි විසින් ආනන්ද තෙරුන් වහන්සේ සද්ධර්මයෙන් සමන්වාගත අයෙකු කොට සලකන්නේ වෙමු.

(1) ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ සූත්‍රය, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූධර්ම, වේදල්ල, යන ධර්ම මැනවින් පුහුණු කරති.

(2) ආයුෂ්මන් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තර විභාග කොට අන් අයට දේසනා කරත්

(3) ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි, පුහුණු කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අන් අයට කියවත්

(4) ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි, ඉගෙනගත් පරිදි සජ්ඣායනා කෙරත්

(5) ආයුෂ්මන් ආනන්ද තෙරුණුවෝ ඇසූ පරිදි, පුහුණු කළ පරිදි ධර්මය සිතින් තර්කනයට ගෙනෙතිත නැවත විචාරා බලතිත මනසින් මනාව විමසා බලති.

(6) ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රැත විශිෂ්ට ලෙස ධර්මයට පැමිණි ධර්මධර හා විනයධර ප්‍රාතිමෝක්‍ෂයෙන් පිරිපුන් මහතෙර නමක් වෙසෙත් නම් කලින් කල ඔවුන් වෙත එළඹ ධර්මය විමසතිත නැවත ප්‍රශ්න කරති.

“වහන්ස, මෙසේ සඳහන් කොට ඇත්තේ ය. මේ භාෂණයේ එනම් මෙම බුද්ධ වචනයේ අර්ථය කවරේ ද යනුවෙනි. ඒ මහතෙරහු ආනන්ද තෙරණුවන්ට වැසී තිබූ ධර්ම විවෘත කොට පෙන්වත්. ප්‍රකට නො වූ සියුම් ධර්ම පවා ප්‍රකට කොට දක්වත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්මයන්හි සැක ද දුරු කෙරෙත්” ය යනුවෙනි.

පින්වත් වූ ඔබත් කවර නම් අයෙකු විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේසනා කරන ලද ඒ සද්ධර්මය ප්‍රකාශ කරනේ ද, රාග, දෝස, මෝහ බැහැර කරගෙන කෙලෙස් සත්සිඳුවමි’ යි යන අදහසින් ම භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘත්වයෙහි පිහිටුවාගෙන ශ්‍රවණය කරන්නත ධර්මය කියවන්නත සාකච්ඡා කරන්නත විමසා බලන්න. ධර්මධර විනයධර නවාංග ශාස්තෲ ශාසනයෙහි (සුත්ත ගෙය්‍ය ආදිය) පුහුණු වූ ථේර නමක හා සමග සාකච්ඡා කොට සැක දුරු කරගන්න. මම මේ අය පමණක් ම පවසන දේ මිස අන් අයට ඇහුම්කන් නො දෙමි යි දෘෂ්ටිගත නො වන්න. ඒ අය කරන්නේ ධර්මය තමා ම වසා ගැනීමකි. නිතොර ම අජ්ඣත්ත (තමා කෙරෙන් ම) බහිද්ධ (බාහිර ආරම්මණයන්හි) ලෙසින් ද ගළපා බලන්න. තණ්හා මද මාන දිට්ඨින්හි සිත පිහිටුවාගත් අයෙකු නො වීමට සතර සතිපට්ඨානයෙන් යුතු සිහිය ම පවත්වන්නට සත්‍ය ධර්ම අවබෝධය පිණිස ම මාර්ගය සැකසේ වාෟ

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *