ශාස්ත්‍රපති ඩී. ශ්‍රීනාත්ද සිල්වා
පෙර ලිපියෙන් හඳුන්වා දුන් ටී. ඒ. ධර්‍මබන්‍ධු සුධීමතුන්ගේ “ලෝවැඩ සඟරා විස්තරාත්‍ර්‍ථ සන්නය” ග්‍රන්ථයේ දැක්වෙන පිළිවෙළට තෝරාගත් කවිවලින් ද තෝරාගත් කවි සහ විස්තරාත්‍ර්‍ථ මෙහි දක්වා ඇත. එහි ඇති සැටියෙන්ම අක්‍ෂර වින්‍යාසය, පද බෙදීම එලෙසින් යොදාගෙන ඇත.
එම තෝරාගත් කවිවල තද කළු අකුරින් දැක්වෙන තෝරාගත් වචනවල පමණක් විස්තරාත්‍ර්‍ථ මෙහි සඳහන්ය.
පටුනේ සඳහන් පරිදි පළමුවන කවියේ සිට 03 වැන්න දක්වා තෙරුවන් ගුණ දැක්වෙයි.
- කව
සෙත් සිරිදෙන මහ ගුණ මුහු දාණන්
සත් හට වන බව දුකට වෙ දාණන්
තිත් ගනඳුරු දුරලන දිනි දාණන්
සිත් සතොසින් නමදිම් මුනි දාණන්
සෙත්සිරි, නිර්වාණශ්‍රීය; දෙන, දානය කරන්නාවූ; මහගුණ, මහත්වූ ගුණයන්ට; මුහුදාණන්, මහා සමුද්‍රය වැනි වූ; සත්හට, සත්‍වයා හට; වන, වනාන් වූ; භවදුක්ඛයට හෙවත් සසර දුකට; වෙදාණන්, වෛද්‍යාචාර්යවරයකු බඳු වූ; තිත්ගනඳුරු, තීත්‍ර්‍ථක නමැති ඝනාන්‍ධකාරය; දුරලන දූරිභූත කිරීමෙහි; දිනිඳාණන්, සූර්ය දිව්‍ය රාජයා බඳුවූ; මුනිඳාණන්, මුනීන්ද්‍රයාණන් වහන්සේ; සිත් සතොසින්, චිත්ත සන්තෝෂයෙන්; නමදිම්, නමස්කාර කෙරෙමි.
සෙත්සිරි
අනිත්‍ය දුක්‍ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත හෙයින් කාම, රූප, අරූප යන ත්‍රිභවයම සැප සහිත ස්ථාන වශයෙන් ගිණිය නොහේ. පුනරුත්පත්තියක් නොමැති ශුද්‍ධ වූ සුඛ ස්වරූප නිර්වාණයම එකම සාන්තිදායක ස්ථානය වේ.
තිත්
තීත්‍ර්‍ථකයෝ නම් කවරහයත්ද? තීත්‍ර්‍ථකයන්ගේ ලබධ් ගෙනැ පැවිජි වූවාහුයි. කිසේයයැත්? i තීත්‍ර්‍ථ යැ ii තීත්‍ර්‍ථකරයහ iii තීත්‍ර්‍ථකයහ iv තීත්‍ථික ශ්‍රාවකයහයි සතරෙක් වෙති.
i එහි ‘තිත්‍ර්‍ථ’ නම් දෙසැට දිටුහු හා එහි සඬග්‍රහයට යන මිථ්‍යග්‍රාහයැ, එහි සත්‍වයෝ තරණ පලවන උනමාජ්ජන නිමජ්ජන කෙරෙති. එයින් හේ “තීත්‍ර්‍ථ” ක නම් වේ.
ii ඒ දෘෂ්ටිනට උත්පාදකයෝ ‘තීත්‍ර්‍ථකර’ නම් වෙත්
iii ඔවුන්ගේ ලබ්ධිගෙනැ පැවිජිවූවාහු “තීත්‍ර්‍ථක” නම් වෙත්
iv ඔවුනට ප්‍රත්‍යදායකයෝ “තීත්‍ර්‍ථක ශ්‍රාවක” නම් වෙත්.
යම් සේ නුවණ නැති ගොපල්ලෝ අනෙක සහස්සගොගණයන් ග`ඞගා නදියට නොතොටින් බහා මුහුදු බත් කළෝද එසේම තීත්‍ර්‍ථකයෝ සත්‍වයන් නොතොටින් බහා අපායගාමී කෙරෙත් – ධර්‍මප්‍රදීපිකාව
මුණිඳාණන් – :“මෞන” යැයි නුවණ කියති. එනුවණින් යුක්ත වන බැවින් බුදුහු “මුනි” නම් වෙත්. එයින් කීහ “මුනීති, මොනං වුච්චති ඤාණං යා පඤ්ඤ පජානනා විචයො පච්චයො ධම්මවිචයෝ සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා, පණ්ඩීවචං කොසල්ලං නෙපුඤ්ඤං චෙ භව්‍යා චින්තා උපපරික්‍ඛා භූරි මෙධා පරිණනායිකා විප්පසන්නා සම්පජඤ්ඤං පතොදා පඤ්ඤා පඤ්ඤේන්‍ද්‍රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්‍ථං පඤ්ඤාපසාදො පඤ්ඤා ආලෝකො පඤ්ඤාඔභාසො පඤ්ඤා පජ්ජොතො පඤ්ඤරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි තෙන ඤාණෙන සමන්නාගතො භගවා මුනිමොනප්පත්තො” යි නොහොත් කාය කාඨමෞනෙයිය, වාක්මෞනෙය්ය, මනොමෞනෙය්ය; යන ත්‍රිවිධ මෞනෙය ධර්‍මයෙන් යුක්තවූ මුනීහු සදෙනෙක් වෙත්. ඔහු කවරහයත්? කීයේ මැනො.
i අගාර මුනිනො (කතමෙ අගාර මුනිනො? සෙතෙ අගාරියා දිඨ+පදා විඤ්ඤාතසාසනා ඉමෙ අගාර මුනිනො)
ii අනගාර මුනිනො (කතමෙ අනගාර මුනිනො? යෙතෙ පබ්බජිතා දිට්ඨපදා විඤ්ඤාතසායනා ඉමෙ අනගාර මුනිනො)
iii සෙඛ මුනිනො සත්තසෙඛා සෙඛ මුනිනො
iv අරහන්තා අසෙඛමුනිනො
v පච්චෙක+බුද්‍ධා පචචෙක මුනිනො
vi මුනි මුනිනො වුච්චන්ති තථාගතා අරහන්තො සම්මාසම්බුද්‍ධා යි. මෙසෙයින් ෂඩ්විධ මුනීන් කෙරෙහි “මුනි මුනි” නම් ලද, බුදුහු තුමුහු මුනිනට ප්‍රධාන වන බැවින් “මුනීන්‍දා” නම් වෙත් – ධර්‍මප්‍රදීපිකාව
අද ඇතැම් පාර්ශ්ව හා පුද්ගලයන් “මුනි” නාමයෙන් පෙනී සිටින අතර ඇතැම් තන්හි ආරුඪ නාම ලෙස භාවිත කෙරෙයි.
ඉහත “මුනි” විස්තරාත්‍ර්‍ථය කියවන විට එහි බර ගැඹුර මොනවට පැහැදිලි වෙයි. අප පාඨකයන් විසින් බුද්ධ ශාසන බුද්ධ වචනවල නිශ්චිත අරුත් ඇති බව තේරුම් ගත යුතු වෙයි. එමෙන්ම මෙවැනි සස්නික වචන භාවිතාවේදී සහ භාවිත වී ඇති අවස්ථාවලදී එමගින් නිරූපණය වන්නේ කුමක් එසේ කිරීමෙන් ඔවුන්ගේ උඩු යටි අරමුණු මොනවා දැයි අවබෝධ කරගත යුතු වේ.
03 කව
සිරිමත් බඹ සිරසෙහි පාපිසි නා
සැරියුත් මහමුගලන් පිළිවෙළි නා
පිළිවෙත් සරුමහ සඟගණ සොබ නා
මුදුනත් බැඳ නමදින් බැති පෙමි නා
පිළිවෙත් සරු
ප්‍රතිපත්ති මනාසේ ආරක්‍ෂා කරන හෙයින් (ප්‍රතිපත්තිසාර වූ) “පිළිවෙත් සරු” යන්න යෙදේ, මහා සංඝයා වහන්සේ කෙරෙහි විද්‍යමාන ගුණ හා ප්‍රතිපත්ති සංඝානුස්මෘති භාවනාවෙහි පැණේ. මෙහි සංඝයා කෙරෙහි විiමාන වූ ගුණ නවයක් ප්‍රකාශ වේ. එනම් :-
- සුපටිපණ්ණො – මනාව පිළිපන් සේක
- උජුපටිපණ්ණො – ඍජුව පිළිපන් සේක
- ඤායපටිපණ්ණො – ඤාය නම් ලද නිවන් සඳහා පිළිපන් සේක
- සාමීචිපටිපණ්ණො – නිවනට අනුකූල පිළිවෙතට පිළිපන් සේක
- ආහුණෙය්‍යො – පූජාවට සුදුසු සේක
- පාහුණෙය්‍යො – අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසු සේක
- දක්‍ඛිණෙය්‍යො – දක්‍ෂිණාවට සුදුසු සේක
- අඤ්ජලිකරණීය්‍යො – දොහොත් මුදුන් දී කරන නමස්කාරයට සුදුසු සේක
- අනුත්තරං පුඤ්ඤfක්‍ඛත්තං ලෝකස්ස – ලෝ වැස්සාගේ උත්තම පුණ්‍යධාන්‍යයන් වැපිරීමට පිං කෙතය
සඟගණ :- සමුහfට්ඨන සfඞඝා, සමූහ සංවාසකා අනෙක භික්ඛු සතසහරස්සහි එකසිමායං සමග්ගා සම්මොදමානා උපොසථ පවාරණාදීනි කරොන්තීති ස
ඞඝො එක භක්‍ඛුපි පාතිමොක්‍ඛ සංවරාදයො සීල සමුහං ධාරෙති රක්‍ඛති ගොපයතීති සfඞඝා දිට්ඨ කිලෙස ස
ඞඝාත්තතා සොතාපත්ති මග්ගඵලාදයො ලොකුත්තර ධම්මසමූහං අධිගච්චතීති සfඞඝා” සමුහfට්ඨන සf
ඞඝා” යි දක්වන ලද-සමූහ සංවාසික නොයෙක් සිය දහස් ගණන් භික්‍ෂූහු එක
සීමාවෙක්හි රැස්ව සමගි සතුටුව පොහෝ පවාරණාදියට එළැඹ ඒ ඒ විනය ධර්‍මයන් කරනා බැවින් සංඝ නම් වෙති. තවද එක උපසම්පදා භික්‍ෂු නමක් වූයේ වී නමුත් ප්‍රාතිමොක්‍ෂ සංවර ශීල ආදී වූ අනෙක ප්‍රකාර ශීල සමූහයන් ධරණාථියෙන්ද සංඝ නම් වේ. දෙසැට මිථ්‍යාදෘෂ්ටියද ඒ දෘෂ්ටීන් නිසා උපදනා කෙලෙශ සමූහයන්ද ඝාතනය කොට සෝවාන් මාර්‍ග ඵලාදී ඒ ඒ මාර්‍ග පිළිවෙළින් නිර්වාණාධිගමනයට පැමිණෙන හෙයින් ද සංඝ නම් වේ:
මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දනහට
පවසම් කළකම් පළ දැන් හෙළුකොට
මනරම්, මනොරම්‍ය වූ හෙවත් සිත් ප්‍රිය කරන්නාවූ; නරදම්සැරි, නරදම්‍ය සාරථී වූ බුදුරජාණන් වහන්සේටද; දර්‍ම, ශ්‍රී සද්‍ධර්‍මමයටද; සඟනට, (අෂ්ටාර්ය පුද්ගල) මහා සංඝරත්නයටද; මෙලෙසින් මෙයාකාරයෙන් බැතියෙන් අදරින් භක්ත්‍යාදරයෙන් නම කොට, නම්‍යකාර කොට; වෙසෙසින්, විශේෂයෙන්; පෙළදම්, පාලි (ත්‍රිපිටක) ධර්‍මය; නොමදත්, ජානනය නොකළා වූ; දනහට, ජනයා හට; කළකම් පල, කරන ලද්දාවූ කුසලාකුසල කර්‍මයන්ගේ ඵලය; හේතු කොට, එළුවට නඟා හෙවත් සිංහල භාෂාවට පරිවර්‍තනය කොට; දැන්, මේ අවස්ථාවෙහි; පවසම්, ප්‍රකාශ කරමි.
පෙළදම් – බුද්ධ ධර්මය i පෙළ ii අටුවා iii ටීකා කියා පොත් ප`ඞක්ති තුනකට බෙදේ.
i පෙළ (දික් සඟිය, මැඳුම් සඟිය, සංයුත් සඟිය, අංගුත්තර සඟිය, කුදුගොත් සඟිය යන බෙදීම් පහකින් යුත්) සූත්‍ර පිටකයද, (පාරාජිකා, පචිති, සුලුවග, මහාවග, පරිවාර පාඨ යන බෙදීම් පහකින් යුත්) විනය පිටකයද;
(ධම්ම සඟිනී, විභ`ඞග කථාවත්‍ථු, පුග්ගලපඤ්ඤප්ති, ධාතු කථා, යමක, පට්ඨාන යන බෙදීම් හතකින් යුත්) අභිධර්‍මපිටකයද; යන පිටකත්‍රයට අයත් පෙළ පොත් 17කි. ශ්‍රී මුඛ දේශනාව එහි ඇතුළත් වී තිබෙන බැවින් ඊට දේශනා පෙළ පොත් යැයි කියනු ලැබේ.
ii අටුවා – ශ්‍රී මුඛ දේශනාව විස්තර කර වදාළා වූ බුදුරජාණන්වහන්සේගේම ප්‍රකීර්ණතක දේශනාවට අටුවා යැයි කියනු ලැබේ.
iii ටීකා – අටුවා පාලිය විස්තර කොට ත්‍රිපිටකධාරී මහාස්ථවිරයන් විසින් රචනා කරන ලද පොත් ටීකා පාලි යැයි කියනු ලැබේ.
කම්පල – i ජනක ii උපස්තම්භක iii උපපීඩක iv උපඝාතක යැයි
කෘත වශයෙන් සතරෙක් ද;
v යද් ගරුක, vi යදාසන්න vii යත්බහු (ආචිණී)
viii කෘත්වා යැයි විපාකදානානු ක්‍රමයෙන් සතරෙක් ද;
ix අෂ්ටධර්‍මවේද්‍ය x උපපද්‍යවේද්‍ය,
xi අපරාපරිවේද්‍ය
xii අහොසියයි විපාකදානකාල වශයෙන් සතරෙක්ද
xiii අකුසල කර්‍ම, xiv කාමාවචර කුසලකර්‍ම xv රූපාවචර කුසලකර්‍ම xvi අරූපාවචර කුසල කර්ම යැයි විපාක භූමි වශයෙන් සතරෙක් දැයි මෙසේ කර්‍ම ප්‍රභේදය ෂොඩශ (16) විධි වේ.
මෙහි කර්‍ම ප්‍රභේද 16 පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇතත් ඒවා අතරින් විපාක භූමි සතර පිළිබඳ විස්තර පමණක් උපුටා දක්වමි.
xiii අකුසලකර්‍ම විපාක භූමිය :-
සතර අපායෙහි ඝොර වූ දුක් හා මනුෂ්‍ය ලොකයෙහි සෝකපරිදෙවාදී නොයෙක් දුක් ගෙනදෙන දසවිධ අකුසලය අකුසලකර්‍ම නමි
xiv කාමාවචර කුසලකර්‍ම මනුෂ්‍ය ලෝකයෙහි සහ සදිව්‍ය ලෝකයෙහි ද උපදවා සැප
ගෙනදෙන කුසල කර්‍ම කාමාවචර කුසල කර්‍ම නම් වේ.
xv රූපාවචර කුසලකර්‍ම ෂොඩශවිධ බ්‍රහ්මලෝකයන්හි උත්පත්ති කරවන භාවනාමය වූ රූපධ්‍යාන කුසලකර්‍මය රූපාවචර කුසලකර්‍ම වේ.
xvi අරූපාවචර කුසලකර්‍ම සතරවිධ අරූපී බ්‍රහ්මලොකයෙහි උත්පත්තිය කරවන භාවනාමය වූ අරූපධ්‍යාන කුසල කර්‍මය අරූපාවචර කුසලකර්‍ම නම් වේ.