මෙලොව පරලොව දිනන්නට

cmadurawala
3 Min Read

සමන්මලී පද්මකුමාර

මෙලොව සැපය – පරලොව සැපය සේම ලෝකෝත්තර සැපය, මේ ත්‍රිවිධ සම්පත්තියම පිළිබඳ මනා දහම් අවබෝධය ලැබීමේ උත්තරීතර පහදා දීම බුදුදහම ඇසුරෙහි පවතින ධර්ම අවබෝධයයි.

බාහිර දියුණුව සේම අභ්‍යන්තර දියුණුව ලබන්නා දෙලොවම එනම් මෙලොව සේම පරලොව ද සතුටු වන්නෙකි.

මෙලොව සතුට පිණිස බාහිර දියුණුව උපයා ගැනීම විශේෂයෙන්ම ගිහියාට බෙහෙවින් අවශ්‍ය අංගයකි. දැහැමි ආර්ථික පදනම ඔස්සේ බාහිර දියුණුව සලසා ගනු ලැබුවහොත් මෙලොව දියුණුව සාක්ෂාත් කරගැනීම පිළිබඳ බුදු දහමින් ලබන පන්නරය අලෝකය ස්ථීරසාර වේ. ‘සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දී ඇති උපදෙස මෙසේය.

භොගෙ සංහර මානස්ස – භමරස්සෙව ඉරියතො

(මල නොතළා රොන් රැස් කරන බඹරකු මෙන් දැහැමින් ධනය ඉපැයිය යුතුය.) සපයා ගන්නා ධනය පරිශීලනය කරන්නට ද සුදුසු අයකුම විය යුතුය. උපයන ධනය – තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් පරිදි වෙන්කළ යුතු අයුරු මෙහි වඩාත් වටිනා මාවතම වන්නේය. අයවැය ලේඛන සමබර කරගැනීමට නොහැකි නිසා අපි විශාල ලෙස පිරිහී ඇත්තෙමු.

‘එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය – ද්වීහි කම්මං පයෝජයෙ
චතුත්ථංච නිධාෂෙය්‍ය – ආපදාසු සවිස්සති’

ලැබෙන ධනය කොටස් සතරකට බෙදා ඉන් එක කොටසක් එදිනෙදා ප්‍රයෝජනය පිණිසබ ද කොටස් දෙකක් වෙළහෙළදාම් හෝ වෙනත් ජීවනෝපාය මාර්ග සඳහා ද, සතරවන කොටස විපතෙහි දී ප්‍රයෝජන ගැනීම සඳහා ද වෙන්කර ගැනීමයි ඉන් අදහස් කරන ලද්දේ.

නුවණැත්තේ සුළු ඉපැයීමකින් වුවද මහත් ධනයක් ලබාගන්නට මාර්ගය වටහා ගන්නා අයුරු බුදු බණ පදයන්හි මනාව පහදා තිබේ. එය මෙසේය.

“අජපකේතරි මෙධාවි – පා භෙතන විචික්ඛණො
සමුට්ඨාපති අත්තානං – අණං අග්ගීව සන්ධමං”

දියුණුවේ දොරටු සයවැදෑරුම් බව අත්ථ ද්වාරජාතකය කියවා වටහා ගැනීම අප්‍රමාණ නිරවුල් මාර්ගයට ප්‍රයෝජනවත් වේ. නිරෝගී බව – සිල්වත් බව- බහුශ්‍රැත බව – උද්‍යෝගිමත් බව, ධර්මානුකූල පැවැත්ම – වැඩිහිටි උපදෙස්වලට සවන්දීම, මෙලොව එලොව දෙලොවම දිනීමට පිහිට වේ.

ව්‍යග්ගපජ්ජ සූත්‍රය මෙලොව දියුණුව පිණිස දක්වා ඇති ප්‍රධාන කාරණා හතරකි.

  1. උට්ඨාන සම්පදා – උත්සාහයෙන් ධනය ඉපැයීම.
  2. ආරක්ඛ සම්පදා – ධනය අපතේ නොයවා ආරක්ෂා කරගැනීම.
  3. කල්‍යාණ මිත්තතා – යහපත් මිත්‍ර සේවනය
  4. සමජීවිකතා – වියදම් කිරීම ආදායමට අනුකූලව කිරීම,

(මම වන්දනාකරුවෙක්මි. මා පැමිණියේ ද, පෙරළා නික්ම යන්නේ ද හිස් අතින්මය. රැගෙන ආ කිසිවක් ඇද්ද, රැගෙන යන කිසිවක් ඇත්ද) දෙඅත් හිස්ය. සැබෑව එයමය. (නමුදු – පණ්ඩිතයා)

(දියාළුවෝ තමන් කැමති තැනට ජලය ගෙනයත් හී වඩුවෝ රිසි පරිදි හී දඬු නමත්, පණ්ඩිතයා තමන්ට අවශ්‍ය පරිදි ආත්මය දමනය කරගනිති. (ධම්මපදය – පණ්ඩිතවග්ගය) අවදියෙන් විමසා බලන්නට බුදු දහම ඔබට මාර්ගය පෙන්වා ඇත.

අංගුත්තර නිකායේ එන කුල සූත්‍රය පුද්ගලයන්ගේ පවුලක පිරිහීම මෙසේ දක්වයි.

  1. පවුලක නැතිවන වැනසෙන දෑ ගැන සොයා නොබැලීම.
  2. පවුලක පිළිසකර කළ යුතු තැන් නැවත නොසැකසීම.
  3. පවුලක පුද්ගලයන් ප්‍රමාණය ඉක්මවා ආහාර පාන ගැනීම.
  4. පවුලේ හොඳම පුද්ගලයා භාණ්ඩාගාරික නොකිරීම.

පවුලක දියුණුව සලසා ගැනීමේදී ඉහත කරුණුවල අනික්පැත්ත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *