උපාලි පුවත්පත් සමාගමේ බෞද්ධ පුවත්පත වන දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නව සංස්කාරකවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා පත් ව සිටියි.
එම විශ්වවිද්‍යාලයයේ සමාජවිද්‍යා හා මානවවිද්‍යා අංශයේ අංශාධිපති ලෙස කටයුතු කර ඇති ඒ මහතා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික කලා මණ්ඩලයේ සභාපති යන තනතුරු ද තවත් සංවිධාන ගණනාවක ප්‍රමුඛ පෙළේ නිලතල ද හොබවා ඇත. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා රාජ්‍ය සාහිත්‍ය සම්මානය, කලාසූරී ජනාධිපති සම්මානය, බුන්කා සම්මානය ඇතුළු මුල් පෙළේ සම්මාන කිහිපයක ම හිමිකරුවෙකි. ඒ මහතා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට පෙර ජනප්‍රිය මාධ්‍යකරුවකු ලෙස ද කටයුතු කර ඇත. ගීත රචකයෙකු ලෙස ද ඒ මහතා කලා ක්ෂේත්‍රයේ ජනප්‍රසාදයක් දිනා සිටියි.
rashi