රශ්මි කවිපොතේ පරාක්‍රම කොඩිතුවක්කු එසේ ලියා ඇත. සිරිලක මේ කාලපරිච්ඡේදයේ දිවිපෙවෙත ගත කරන අපි සමාජ ගැටලු සමාජ ප්‍රශ්න අභියෝග රාශියක සිරවී ගුලිවී ගොළු වී ඇත්තෙමු. මේ උවදුරුවලින් බේරි බේරී දිවිසරිය සවිකර ගැනීමේ වෑයම බරපතළය. බුදු දහම මොනතරම් සූත්‍ර ධර්ම යන්ගෙන් අපට ආලෝචනා සපයයිද? මඟපෙන්වයිද? අපි කී දෙනෙක් ඉන්ප්රයෝජන ලබන්නෙමුද? අවබෝධය ලැබීමට අදාළ හෝ අවබෝධයට පත්වීමට අවශ්‍ය ධර්ම 37ක් ඇති බව සිහිපත් කරමු. මුළු බුද්ධ දේශනාවම ඉන් සමන්විත වී තිබේ. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්රිය, පංචබල සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් එය හැඳින්වේ. මජ්ඣිම නිකායෙහි බෝධිපාක්ෂික ධම්ම 37 වෙන් වශයෙන් දක්වා ඇත.
එහෙත් ඒවා පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කොට තිබේ. මූලික බුදුදහමෙන් පිටපැන විවිධ අර්ථකනථන සිදුකෙරේ. ඉතිහාසය පුරාම එසේ සිදුවිය. අපි ප්‍රඥාවන්තව ගුණයෙන් සැදැහෙන් මේ ගැන කල්පනා කරමින් සවිමත්ව ජීවිතය පරිස්සමින් ගත කළ යුතුය. ඉදානීන්තනයෙහි එනම් වර්තමානයෙහි අලුත් පුවත් වාර්තා වන පරිදි හදිසි අනතුරු පුදුමාකාර ලෙස බහුලව පවතී. තරුණයන් මෝටර් සයිකල් සමහර වාහන පැදවීම ඉතාමත් භයානක ලෙස පදිකයන්ටත් අනෙකුත් අයටත් තමන්ටත් විනාශය ළඟා කරන මහා ගැටලුවක් බව පොලිසිය පවසයි. මේ නොදැමුණු බව, නොහික්මුණු සිත කය දමනය කරගත්තේ නැතිනම් නියතවශයෙන්ම විනාශය කරා යන ගමන ඉක්මන් වේ. අනිකාට කරදර නොවන ලෙස ජීවත් වන්නේ කෙසේදැයි බුදු දහමේ මනහර ලෙස සූත්‍ර කීපයකම විස්තර කොට ඇත.
එම දහම් කරුණු නිබඳවම කියවා සාකච්ඡා කොට ඒ අනුව පිළිපැදීමෙන් ගුණ නුවනින් ජීවත්වන්නේ නම් කොපමණ වාසනාවක්ද? ඔබට සෙත්පතමි. සුවපත් වේවා! ධාර්මික ජන සමාජයක් බිහිවේවා! පවින් මිදුණු පින් කුසල් වඩන සිතුවිලි බොහෝ ඇති වේවා!

