කාලාම සූත්‍ර භාවය

cmadurawala
4 Min Read

  1. එක් සමයෙක බුදුහු මහ සඟ පිරිසක් සමග කෝසලයෙහි සැරිසරමින් කාලාමයන්ගේ කේසපුත්ත නම් වූ තිගමයට වැඩියහ. කේසපුත්තීය කාලාමයෝ ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කේසපුත්තයට වැඩි බවත් උන්වහන්සේ මේ මේ නිසා රහත්ය. සම්‍යක් සම්බුද්ධය යනුවෙන් ඉහළ ගිය කීර්තිරාවයක් ඇත්තකු බවත් ඇසූහ. එහෙයින් එවැනි රහතුන් දැක්ම මැනවයි (ඔවුහු) සිතූහ.
  2. ඊළඟට කේසපුත්තීය කාලාමයෝ බුදුන් කරා ගියහ. එසේ ගිය සමහරු බුදුන් වැඳ පසෙක හුන්හ. සමහරු උන්වහන්සේ සමග සතුටු වූහ. සමහරු සතුටු වීමට, සිහි කිරීමට සුදුසු කතා නිමවා පසෙක හුන්හ. සමහරු උන්වහන්සේ වෙත ඇදිලි බැඳ පසෙක හුන්හ. සමහරු (තම තමන්ගේ) නම් ගොත් දක්වා අස්වා පසෙක හුන්හ. සමහරු නිශ්ශබ්දව පසෙක හුනහ.
  3. මෙසේ පසෙකට වී තැන්පත් වූ කේසපුත්තීය කාලාමයෝ බුදුන්ට මෙසේ කීහ. ‘ස්වාමීනි, කේසපුත්තයට එන ඇතැම් මහණ බමුණෝ ඇත. ඔවුහු

තමන්ගේම වාදය දක්වති. පවසති. පරවාදයට (හෙවත් අනුන්ගේ මතයට) ගරහති, නින්දා කරති, (එය) බැහැර කරති. හෙළා දකිති. ස්වාමීනි, (මොවුන් හැර) වෙන මහණ බමුණෝන් කේසපුත්තයට එති. ඔවුහු ද තමන්ගේම වාදය දක්වති. පවසති. පරවාදයට (හෙවත් අනුන්ගේ මතයට) ගරහති, නින්දා කරති. එය බැහැර කරති. හෙළා දකිති. ස්වාමීනි මේ ගරු කටයුතු මහණ බමුණන් කවුරු ඇත්ත කියද්ද, කවුරු බොරු කියද්දැයි අපට සැක සහිත වේ ම ය. විමති ඇති වේමය.

  1. කාලාමයෙනි, ඔබගේ සැකය හරිය. විමතිය හරිය. සැක කළ යුතු තැනම ඔබට විමතිය ඇති විය.
  2. කාලාමයෙනි (මෙහි) එන්න. (තව ළං වන්න) යමක් අනුශ්‍රවණයෙන් නොපිළිගන්න. පරපුරෙන් ආ පමණින් නොපිළිගන්න. ‘මෙසේ වන්ට ඇතැයි’ (අනුමානයෙන්) නොපිළිගන්න. තමන්ගේ පිටකයට සමානයයි නොපිළිගන්න. තර්කය හරියැයි නොපිළිගන්න. න්‍යාය හරියැයි නොපිළිගන්න. කරුණ හොඳ යැයි නොපිළිගන්න. තමන්ගේ දෘෂ්ටියට එකඟ යැයි නොපිළිගන්න. පුද්ගල ගෞරවයෙන් නොපිළිගන්න. මේ ශ්‍රමණයන් අපගේ ගුරුන් යැයි (ගුරු ගෞරවයෙන්) ද නොපිළිගන්න.
  3. කාලාමයෙනි මේ දහම් අකුසල්ය. මේ දහම වරද සහිතය. මේ දහම් නුවණැත්තයන් විසින් ගර්හිතය. පුරන ලද්දා වූත්, සමාදන් වූත් මේ දහම් අහිත පිණිස, දුක් පිණිස පවතින යනුවෙන් යම් විටෙක තුමුම (යම් යම් කරුණු) දැන ගන්නහු ද, එවිට ඒවා දුරු කරන්න.
  4. කාලාමයෙනි ඒ කුමකැයි සිතමුද? පුරුෂයා තුළ උපදින ලෝබය ඔහුට හිත පිණිස හෝ අහිත පිණිස උපදි ද?

ස්වාමීනි, අහිත පිණිස උපදී.

  1. කාලාමයෙනි, ලෝබී වූ (මේ) පුරුෂ පුද්ගලයා ලෝබයෙන් මැඬුණේ, පෙළුණේ යමක් ඔහුට කලක් අහිත පිණිස, දුක් පණිස පවතී ද එය කරයි. එනම් (ඔහු) සතුන් මරයි. හොරකම් කරයි. පරදාරාවන් කරා යයි. බොරු කියයි. අන්‍යයා ද ඒ පිණිස යොදවයි. (සමාදන් කරවයි).

එහෙමයි ස්වාමිනි.

  1. කාලාමයෙනි, ඒ කුමකැයි සිතව්ද? පුරෂයා තුළ උපදින ද්වේෂය ඔහුට හිත පිණිස හෝ අහිත පිණිස උපදි ද?

ස්වාමිනි, අහිත පිණිස උපදී.

  1. කාලාමයෙනි, ද්වේෂී වූ ඒ පුද්ගලයා ද්වේෂයෙන් මැඬුණේ, පෙළුණේ යම් පවක් ඔහුට කලක් අහිත පිණිස, දුක් පිණිස පවතී ද එය කරයි. එනම් (ඔහු) සතුන් මරයි. අන්‍යයා ද ඒ පිණිස යොදවයි.

එහෙමයි ස්වාමිනි.

  1. කාලාමයෙනි, ඒ කුමකැයි සිතව්ද? පුරුෂයා තුළ උපදින මෝහය ඔහුට හිත පිණිස හෝ අහිත පිණිස උපදීද?

ස්වාමිනි, අහිත පිණිස උපදී.

  1. කාලාමයෙනි, මෝහී වූ ඒ පුද්ගලයා මෝහයෙන් මැඬුණේ, පෙළුණේ යම් පවක් ඔහුට කලක් අහිත පිණිස, දුක් පිණිස පවතී ද එය කරයි. එනම් (ඔහු) සතුන් මරයි. අන්‍යයා ද ඒ පිණිස යොදවයි.

එහෙමයි ස්වාමිනි.

  1. කාලාමයෙනි, ඒ කුමකැයි සිතව් ද? මේ දහම කුසල් ද? අකුසල් ද?

ස්වාමිනි අකුසල්ය.

සාවද්‍ය ද? අනවද්‍ය ද?

ස්වාමිනි සාවද්‍ය.

නුවණැතියන් විසින් ගර්හිත ද? නැතහොත් නුවණැතියන් විසින් ප්‍රශංසිත ද?

ස්වාමිනි නුවණැතියන් විසින් ගර්හිතය.

පුරන ලද්දාහු. සමාදන්කොට ගන්නා ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිද්ද? නොපවතිද්ද? මෙහිදී ඔබට කෙසේ හැඟේ ද?

ස්වාමිනි, පුරනලද්දහු, සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිතැයි අපට මෙහිදී හැඟේ.

  1. කාලාමයෙනි, ‘යමක් අනුශ්‍රවයෙන් නොපිළිගන්න. ශ්‍රමණයන් අපගේ ගුරුන් යැයි (ගුරු ගෞරවයෙන්) ද නොපිළිගන්න’ යනුවෙන් මෙසේ (කලින්) යම් කිසිවක් කීවෙමුද, “යම් විටෙක තුමුම කරුණු දැන ගන්නහු ද, එවිට ඒවා දුරු කරන්න’ යි යමක් කියන ලද ද එය මේ සඳහා කියන ලදී.

මතුසම්බන්ධයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *