නිකිණි පොහොය වැදගත්කම

cmadurawala
2 Min Read

බුදු රජාණන්වහන්සේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දිනකදී ය.
එනම් බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් කොටස් තුනකට විග්‍රහ කිරීමේදී එහි වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘ වන්නේ මේ පර්යාප්තිය බව බුදු දහමේ පෙන්වා දී ඇත.

පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදු රජාණන්වහන්සේ පිරිනිවන් පා තෙමසක් ගතවීමෙන් පසුවය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසක වන අතර. එයින් තෙමසකට පසුව නිකිණි මාසයේ පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොය ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහර පර්වතයේ සත්තපර්ණි .ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවු අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහොය දිනයේදීය.

පළමු ධර්ම සංගායනාවට මූලිකත්වය ගත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් අරහත් මාර්ගයට පිවිසියේද අදවන් නිකිණි පොහෝ දිනකය.

විශේෂයෙන්ම මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පසළොස්වක පොහෝ දිනයි. පුදා දින 9ක් තිස්සේ වීදි සංචාරය කළ දළඳා පෙරහර අගෝස්තු 09 දියකැපීමේ මංගල්‍යය සිදුකිරීමෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහරත් සමගම නිමා කිරීමට නියමිතය.

*බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලා උදෙසා පැනවූ වස් විසීම වස්සාන කාලයට සිදුවේ. මේ එම කාලයයි. වස්වැසීම වකවානු දෙකකට සීමාකොට පනවන ලදී. ඒ පෙරවස් සහ පසුවස් වශයෙනි. ඇසළ මස පුර පසළොස්වක දිනට පසුදා පෙරවස් විසීමද, පෙරවස් විසීමට නොහැකි වූ භික්‍ෂුවකට නිකිණි පොහොයදා පොහොය කොට ඊට පසුදා පසුවස් විසීමට ද පැනවීය. ඒ අනුව පසුවස් විසීමේ දිනය වශයෙන් ද නිකිණි පොහොය වැදගත් වේ.

*බුදුරජුන් සිය 14 වන වස්කාලය ශ්‍රාවස්ථිපුර දෙව්රම් වෙහෙරේ වැඩ වසමින් සිටියදී රාහුල තෙරනුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කරමින් සිටින අතර එම සූත්‍රයට දැඩි උවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරනුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *