ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ වාර්ෂික පොසොන් පූජෝත්සවය යටගල සිතුල්පව්ව උභය රාජමහා විහාර ප්‍රමුඛව තදනුබද්ධ අෂ්ටමහා විහාරාධිපති, විශ්‍රාමලත් විදුහල්පති දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක, ශාස්ත්‍රපති තල්පේ අරියජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි අෂ්ටමහා විහාරාධිකාරී, කොළඹ නාලන්දා විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය, ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමියන්ගේ මෙහෙයවීමෙන් සිතුල්පව්ව මඟුල් මහා විහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ මෙහෙයවීමෙන් සිදු කිරීමට නියමිතය. පොහෝ දා සීල භාවනා වැඩසටහන පැවැත්වේ. සීමාසහිත උපාලි පුවත්පත් සමාගමේ දායකත්වයෙන් වාර්ෂිකව සිදු කෙරෙන සිතුල්පව්වේ ආලෝක පූජාව මෙවරත් සිදු කිරීමට කටයුතු සම්පාදනය කොට ඇත. ලේල්වල සමිත හිමියන් සම්පාදනය කළ සිතුල්පව්වේ බණ කතා කෘතිය ද මීට සමගාමීව පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ඇත. පුදබිමේ දන්සල් විශාල ප්‍රමාණයක් ද සැදැහැවතුන්ගේ දායකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිතුල්පව්ව මහ පුදබිම 38 වැනි වරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ සැදැහැබර අනුග්‍රහයෙන් ආලෝකවත් කෙරේ ජුනි මස 10, 11 වැනි දිනවල මේ ආලෝක පූජාව සිදුවෙයි. උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ සිතුල්පව්ව දායක සභාවේ උප සභාපති ධම්මික ආටිගල මහතා මේ පුණ්‍යොත්සවය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි.

