ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
අපගේ ජීවිත සාර්ථක කරන්නේ අපට ලැබෙන අවස්ථා නොවේ. අප ගන්නා තීරණයන්ය. නිවැරැදි තීරණ ගැනීමට හැම විටම උත්සුක විය යුත්තේ ඒ නිසාය. නාලන්දා නුවරවාසී උපාලි ගහපතියන් අපට කියා දෙන්නේ නිවැරැදි තීරණ ගැනීම හා නිවැරැදි තෝරාගැනීම් කිරීමට හැකි පෞරුෂයක් ගොඩනඟා ගැනීමෙහි අවශ්‍යතාවයි. උපාලි ගහපතියන් යනු නිගණ්ඨනාථපුත්ත නම් වූ ශාස්තෘවරයාගේ ප්‍රධාන ශ්‍රාවකයකු හා දායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියෙකි. නිගණ්ඨනාථපුත්ත යනු බුදුරජාණන්වහන්සේ ධර්මාන සමයෙහිම සිටි මහත් පිරිස් බලයක් සහිතව සිට ශාස්තෘවරයෙකි. එම නිසාම ප්‍රබල එවකට සිටි ප්‍රධාන අධිරාජ්‍යයන්ගේ ද නොමද ගෞරවාදරයට පත්ව සිටියෙකි. සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව බුදුසසුනෙහි චර්යා රටාව නිර්ණය කිරීමෙහිදී නිගණ්ඨනාථපුත්තයන් හඳුන්වා දුන් ජෛන ප්‍රතිපදාවන් නිසා ඇති වූ සමාජ ආකල්ප යම් බලපෑමක් කළ බව පෙනේ. විනය පිටකයේ වන ඇතැම් පැණවීම් මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය. භික්ෂු භික්ෂුණීන් වැසි සමයෙහි වස් සමාදන් වීම මෙයට එක් නිදසුනකි. මෙම ශාස්තෘවරයා හා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දෙශනා අතර පැවති ප්‍රධාන වෙනසක් වූයේ කාය, වචී හා මනෝ කර්මවලින් වඩා වැදගත් වන්නේ කුමක් ද යන්න පිළිබඳ වූ මතවාදයය. මනෝ කර්මය වඩා වැදගත් බව බුදුරජාණන්වහන්සේ දේශනා කළ අතර, කාය කර්මය වඩා වැදගත් බව නිගණ්ඨනාථපුත්තයන් දේශනා කරන ලදී. උපාලි ගහපතියන්ට බුදුරජාණන්වහන්සේ හමු වන්නේත්, ධර්මයෙහි පැහැද, නිවන් මගට පැමිණිමට අවස්ථාව උදාවන්නේත්, නිගණ්ඨනාථපුත්තයන්ගේ මතය නිවැරදි බව ප්‍රකාශ කර වාදයෙන් දිනන්නට සිතාගෙන බුදුරජාණන්වහන්සේ වෙත පැමිණි අවස්ථාවෙහිය.
බුදුරජාණන්වහන්සේ වෙත පැමිණි උපාලි ගහපතියන්, කාය කර්මය, මනෝ හා වචී කර්මයනට වඩා බලවත් බව ප්‍රකාශ කළේය. සත්‍යය මත පිහිටා වාද කරන බවට උපාලි ගහපතියන් ගිවිස්සවාගත් බුදුරජාණන්වහන්සේ, උපමා කිහිපයක් අනුසාරයෙන් මනෝ කර්මය, කාය හා වචී කර්මවලට වඩා වැදගත් බව උපාලි ගහපතියනට ඒත්තු ගැන්වූ සේක. එහිදී තමා පළමු උපමාවෙහිදීම බුදුරජාණන්වහන්සේගේ ප්‍රකාශය නිවැරදි බව වටහා ගත් බවත්, බුදුරජාණන්වහන්සේගේ විසිතුරු ප්‍රශ්න විසඳීම අසනු කැමැත්තෙන් තව දුරටත් තම මතයේ සිටින බව හැඟවූ බවත්, ප්‍රකාශ කරන උපාලි ගහපති, තමා තෙරුවන් සරණ ගිය උපාසකයකු වන්නට කැමති බව දන්වා සිටියේය. එවිට බුදුරජාණන්වහන්සේ, උපාලි ගහපති වැනි ප්‍රකට පුද්ගලයකු තීරණ ගැනීමෙහිදී සිතා බලා තීරණය කළ යුතු බව ප්‍රකාශ කළ සේක. එහිදී, වෙනත් ශාස්තෘවරු තමා ඔවුනගේ ශ්‍රාවකයකු කර ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවන බවත්, එසේ තිබියදී බුදුරජාණන්වහන්සේගේ මෙම ප්‍රකාශයෙන් තමා වඩාත් පැහැදුණු බවත්, තමා තෙරුවන් සරණ යෑමට ගත් තීරණය වෙනස් නොකරන බවත්, ගහපති පැවසුවේය. එවිට බුදුරජාණන්වහන්සේගේ පෙර නිගණ්ඨයනට තෝතැන්නක් වූ ගහපති නිවසෙන් පෙර සේම දානය ලබාදෙන ලෙස ගහපතිට පැවසූ සේක. එයින් වඩාත් පැහැදුනු ගහපති තමා තෙරුවන් සරණයාමට ගත් තීරණය වෙනස් නොකරන බව පැවසුවේය. එවිට බුදුරජාණන්වහන්සේ උපාලි ගහපතිට පිළිවෙළ කථාවෙන් දහම් දෙසූ සේක. එම දහම් දෙසුමෙන්ම සෝවාන් ඵලයට පත් වූ උපාලි ගහපතියෝ, තමා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයකු වූ බවත්, භික්ෂු භික්ෂුණීන්ට හැර අන් පැවිද්දන්ට නිවසට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙසත්, දානය පමණක් දෙන ලෙසත්, සිය නිවසේ දොරටුපාලයන්ට දැනුම් දුන්නේය. උපාලි ගහපතියන් බුදුරජාණන්වහන්සේ සරණ ගිය බව දැනගත් නිගණ්ඨනාථපුත්ත, උපාලි ගහපතියන් හමුව, රජතුමා ඇතුළු පිරිස දන්නේ උපාලි ගහපතියන් නිගණ්ඨ අනුගාමිකයකු ලෙස නිසා ඔහු සැබවින්ම කවරකුගේ ශ්‍රාවකයකු දැයි විමසුවේය.
බුදුරජාණන්වහන්සේ පිළිබඳව ගිහි ශ්‍රාවකයකු විසින් ප්‍රකාශ කරන ලද සුන්දරම වර්ණනාව හමුවන්නේ උපාලි සූත්‍රයෙහිය. ඒ උපාලි ගහපතියන් තමන් කවරකුගේ ශ්‍රාවකයකු ද යන්න ප්‍රකාශ කළ ආකාරයයි. අර්ථ රසයෙන් හා ශබ්ද රසයෙන් යුක්තව පාලියෙන් කියන ලද මෙම වර්ණනාව වෙනත් කිසිම භාෂාවකින් එම සුන්දරත්වයෙන් යුතුව ඉදිරිපත් කළ හැකිද යන්න සැක සහිතය.
“ධීරසස විගතමොහසස පභිනනඛිලසස විජිතවිජයසස,
අනීඝසස සුසමචිතතසස වුදධසීලසස සාධුපඤඤසස,
වෙසසනතරසස විමලසස භගවතො තසස සාවකො’හමසමි.
අකථංකථිසස තුසිතසස වනතලොකාමිසසස මුදිතසස,
කතසමණසස මනුජසස අනතිමසාරීරසස නරසස,
අනොපමසස විරජසස භගවතො තසස සාවකො’හමසමි.
අසංසයසස කුලසස වෙනයිකසස සාරථිවරසස,
අනුතතරසස රුචිරධමමසස නිකකඞඛසස පභාසකරසස,
මානචඡිදසස වීරසස භගවතො තසස සාවකො’හමසමි.
නිසභසස අපපමෙය්‍යසස ගමභීරසස මොනපතතසස,
ඛෙමඞකරසස දෙවසස ධමමටඨසස සංවුතතතසස,
සඞගාතිගසස මුතතසස භගවතො තසස සාවකො’හමසමි.
නාගසස පනතසෙනසස ඛීණසංයොජනසස මුතතසස,
පටිමනතකසස ධොනසස පනනදධජසස වීතරාගසස,
දනතසස නිපපපඤචසස භගවතො තසස සාවකො’හමසමි.
ඉසිසතතමසස අකුහසස තෙවිජජසසප බ්‍රහමපතතසස,
නහාතකසස පදකසස පසසදධසස
විදිතවෙදසස, පුරින්‍දදසස සකකසස භගවතො තසස සාවකො’හමසමි.
අරියසස භාවිතතතසස පතතිපතතසස වෙය්‍යාකරණසස,
සතීමතො විපසසිසස අනභිනතසස නො අපනතසස,
අනෙජසස වසිපපතතසස භගවතො තසස සාවකො’හමසමි.
සමමගගතසස ඣායිසස අනනුගතනතරසස සුදධසස,
අසිතසස අපපහීනසස පවිවිතතසස අගගපතතසස,
තිණණසස තාරයනතසස භගවතො තසස සාවකො’හමසමි.
සනතසස භූරිපඤඤසස මහාපඤඤසස වීතලොභසස,
තථාගතසස සුගතසස අපපටිපුගගලසස අසමසස;
විසාරදසස නිපුණසස භගවතො තසස සාවකො’හමසමි.
තණහචඡිදසස බුදධසස වීතධූමසස අනුපලිතතසස,
ආහුණෙය්‍යසස යකඛසස උතතමපුගගලසස අතුලසස,
මහතො යසගගපතතසස භගවතො තසස සාවකො’හමසමී”ති.
පහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයයි.
“මම පණ්ඩිත වූ, පහවූ මෝහය ඇති විශේෂයෙන් බිඳින ලද පඤ්චචෙතොඛීල ඇති මාරයන් පරදවා ලබන ලද විජය ඇති, නිදුක් වූ, මනා සම වූ සිත් ඇති, වැඩුණාවූ ආචාර සිල් ඇති, යහපත් ප්‍රඥා ඇති, රාගාදී විෂම තරණය කළාවූ, රාගාදී මල රහිත වූ, ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම සැක නැත්තාවූ, මුදිතා විහාර වශයෙන් සතුටු සිත් ඇත්තාවූ, වමාරණ ලද කාම ගුණ ඇති, මෘදු වූ, කරන ලද මහණ දම් ඇති. අසහාය මනුෂ්‍ය වූ අන්තිම ශරීරය දරන මනුෂ්‍ය වූ, උපමා රහිත වූ පහවූ රාගාදී රජස් ඇති ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම සැක රහිත වූ, දක්ෂ වූ, සත්තවයන් හික්මවන්නාවූ, උතුම් හික්මවීමෙහි දක්ෂ වූ, අනුත්තරවූ, පවිත්‍ර ධර්ම ඇත්තාවූ සැක රහිත වූ, උතුම් සොභාව ඇත්තාවූ, සිඳින ලද මානය ඇත්තාවූ, වීර්ය සම්පන්න වූ, ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම නිසභ (සියල්ලන්ට ශ්‍රේෂ්ඨ වූ) ප්‍රමාණ රහිත ගුණයෙන් ගාම්භීර වූ, මෞන (නිහඬ) සඞ්‍යාත ඥානයට පැමිණියාවූ, ක්‍ෂ්මය (අභය) ලබා දෙන ඥානය ඇත්තාවූ, ධර්මයෙහි පිහිටියාවූ, සංවෘත වූ සිත් ඇති, කෙලෙසුන් ඉක්මවා ගිය ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම, උත්තම වූ, සේනාසනයන් බහා තැබූ, ක්ෂිණ වූ සංයොජන සහිත වූ, නිමණ්ත්‍රණය කරන ලද නුවණින් යුක්ත වූ, බහා තැබූ මාන ධජ ඇත්තාවූ, කෙළෙස් නැති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම සප්ත සෘෂි වූ, කුහක නැති වූ, ත්‍රිවිධ විද්‍යා ඇති, උසස් තත්වයට පත් වූ, කෙළසුන් නැසූ, නුවණෙහි පදප්‍රාප්ත වූ, නිවී ගිය, අවබෝධයෙන් පතල කළ ඥානය (ධර්මය) ප්‍රථමයෙන් ප්‍රකාශ කිරීමට සමත් වූ, ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම ආර්ය වූ, දමණය කළ ඉඳුරන් ඇති, අවබෝධ කළ යුතු දේ අවබෝධ කළ, එය විස්තර කර ප්‍රකාශ කළ හැකි, ස්මෘතිමත් වූ, විදර්ශක වූ, නොඇලෙන්නාවූ, සෘජු වූ (නොනැමුණූ) තෘෂ්ණා රහිත වූ, බලවත් බවට පැමිණි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම, යහපත් බවට පැමිණි, ධ්‍යාන ඇත්තාවූ, අනුගත නොවූ සිත් ඇති, පිවිතුරු වූ, තෘෂ්ණා දෘෂ්ටින් ඇසුරු නොකළ, ප්‍රහීන නොවූ උතුම් විවේකය ඇත්තාවූ, ශ්‍රේෂ්ඨ බවට පැමිණියාවූ තමා එතෙරව අන් අයව එතෙර කරන්නාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම, ශාන්තවූ, මහත් නුවණ ඇති, මහා ප්‍රඥා ඇති, දුරු කළ ලෝභය ඇති. තථාගත වූ, යහපත් වූ ගමන් ඇති, සමාන
පුද්ගලයන් නැත්තාවූ, අසමාන වූ, විශාරද වූ, නිපුන වූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
මම, තණ්හාව සිඳින ලද, බුද්ධ වූ, කෙළෙස් ධූමයන් පහකළ, කෙළෙස් හි නොඇළුණු, පූජාවට යෝග්‍ය වූ, පූජ්‍ය වූ, උතුම් පුද්ගල වූ, අසාමාන වූ, උසස් වූ, මහත් වූ, අග පැමිණි යසස් ඇත්තා වූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.”
බුදුරජාණන් වහන්සේගේ මෙම ගුණයන් ගහපතියන් කෙසේ රැස් කළේ දැයි නිගණ්ඨනාථපුත්තයන් ඇසූවිට තමන් දක්ෂ මාලාකාරයකු නොයෙක් මල් ඇති විට විසිතුරු මල්මාලයන් ගොතන ලෙස බොහෝ ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කවරකු වර්ණනා නොකරන්නේ දැයි පැවසීය (මජ්ක්‍ධිම නිකාය, මජ්ක්‍ධිම පණ්ණාසකය, ගහපති වග්ගය, උපාලි සූත්‍රය). උපාලි ගහපතියන් මෙන් අවබෝධයෙන් අපටත් බුදුරජාණන් වහන්සේගේ මෙම ගුණයන් ප්‍රකාශ කළ හැකි නම් අපටද සැබෑ බුද්ධ අනුගාමිකයන් බව නිර්භයව පැවසිය හැකිය.