සූර වීර ධීර ගුණ වඩමු

rashi
By rashi
1 Min Read

දැවෙන සිතට බුදු දහම නමින් වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ පොතක් පළ කළහ. නාවල අනුරාධා මෙහෙණින් වහන්සේ, කුසුමා භික්ඛුණිය ඇතුළු මෙහෙණින් වහන්සේලා කීප නමක් පොත් පළ කළහ. උඳුවප් පොහොය ඉතා වැදගත් වන්නේ සංඝමිත්තා රහත් තෙරණිය ලංකාවට පැමිණීම, සිරිමහ බෝධි ශාඛාව වැඩමවීම නිමිත්තෙනි. තවත් අතකින් සිරිපා වන්දනා සමය ඇරඹීමයි. මෙහෙණිය, තෙරණිය, භික්ෂුණිය යන සංකල්ප සමග කිසියම් බරපතළ ප්‍රශ්න කීපයක අපි පැටලී සිටිමු. ලෝකයේ පළමුවර බුදුරදුන් දවස භික්ෂුණියක් බවට පත්වූයේ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියයි. එතුමිය මහාමායා දේවිය සහ එකකුස ඔත් සොයුරියයි. විවිධ මූලාශ්‍රයන් හදාරා චිත්‍රපට වෘත්තාන්තයක් හැටියට ගෞතම බුද්ධ මාතා සිනමාව අප රටේ තිරගතවීම ආරම්භ වූයේ උඳුවප් පොහොයට පෙර සිටය. 2024 අවසාන මාසයේ අප රටේ බෞද්ධ සංස්කෘතියේ මෙබඳු වැදගත් ඓතිහාසික සිද්ධීන් රැසක් සිදුවෙයි. බොහෝ සිදුවීම් අතීතයට එක්වී ඇත. අපි අතීතය ගැන දුක් සෝක වැලපුම් නොගත යුතුයි. නොකළ යුතුයි. අනාගතය ගැන හීන දකිමින් සුසුම් නොහෙළිය යුතුයි. අප ජීවත් විය යුත්තේ සතියෙනි. මේ මොහොතේය. සතිමත් බව යන සංකල්පය අප රටේ පැතිර පවතී. බටහිර ලොව පතළ සතිමත් බව නොවේ, අප බුදු දහම අපට කියාදුන්නේ. පටිච්චසමුප්පාදය, ආර්ය සත්‍ය සතර, ආර්ය අෂ්ටාංගික මාර්ගය, තෙරුවන් සරණ යෑම, පංචශීලය සුරැකීම, සියලු පවින් වැළකී, සියලු පින් කුසල් වැඩීමයි. නිවන් අරමුණු කොට අපි අවංකව ජීවත් වෙන්නට අදිටන් කරගනිමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *